ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම ඉදිරියේ දී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ ඊයේ (25) පස්වරුවේ රත්මලාන ධර්මපාලාරාමයේ දී ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා සහ උන්වහන්සේගේ සුවදුක් බැලීම පිණිස ගිය අවස්ථාවේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය " අප රටේ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ද ගමන් ගන්නා මගීන් ප්‍රවාහණයේ දී මගීන් ප්‍රමුඛ වැඩ පිලිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. මුදල් ගෙවා බස් රථවල හා දුම්රියේ ගමන් කරන මගීන් තමන්ට මගියෙක් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැන අවබෝධයක් නැහැ. එම නිසා සෑම විටම බස් රථ තුළ මගීන් අසරණභාවයට පත්වීම හැර ඔවුන්ට ලැබුනු පහසුකමක් නෑ. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපි රජය වශයෙන් ගත් තීරණය තමයි ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමට ඉඩ සැලසීම. එහෙම කළේ සමාජ දුරස්ථතාවය ඇති කිරීමට. නමුත් මම ප්‍රවාහණසේවා කළමනාකරණ අමාත්‍යවරයා විදියට තීරණය කර තිබෙනවා ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහනයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්යය කිරීමට යැයි " අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

 

 

 

Pin It

සබැඳි පුවත්

ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට මෙරට පළමු විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය හැව්ලොක් පාර, උද්‍යාන පාර හන්දියේ දී අද (07) කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට...
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇ​ත. ...

Print   Email