fbpx

රටේ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වෙලා - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා 20 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධකරගැනීම මෙහිදී සිදු විය. මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ලඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් මෙම නිලධාරීන් සඳහන් කළේය. එසේම මත් පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් මේ වන විට ඇති වී තිබෙන බව අනාවරණය විය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. විශේෂයෙන්ම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමග එතුමා සාකච්ඡා කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කරීම සිදු කරන ලදි.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය)  හර්ෂ ද සිල්වා, අනූප පැස්කුවෙල් සහ (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05 ) දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්ස...
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක...
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල...
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල්
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට රටේ පවතින අර්බුදයෙන් මාස හයකින් ගොඩ ගැනිමට හැකි බව පවසා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දීමට තමා සුදාන...
ජනපති පාර්ලිමේන්තුවට
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇ...
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) පැවසු බව ජනාධිපති මාධ්‍ය ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook