fbpx

සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට සහාය වනවා - ඉන්දීය විදේශ ලේකම්

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පවසයි.

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිවරයා දූත පිරිසට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.

ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05 ) දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්ස...
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක...
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල...
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල්
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට රටේ පවතින අර්බුදයෙන් මාස හයකින් ගොඩ ගැනිමට හැකි බව පවසා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දීමට තමා සුදාන...
ජනපති පාර්ලිමේන්තුවට
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇ...
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) පැවසු බව ජනාධිපති මාධ්‍ය ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook