fbpx

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් - ආයුර්වේද කොමසාරිස්

දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “දේශීය වෙදකම ජාත්‍යන්තරයට” මැයෙන් අද (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදීය.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය ද සහභාගී වූ මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහයවීය.

කොවිඩ් වසංගත පශ්චාත් සමය තුළ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ දේශීය ඖෂධවලට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් හිමිව තිබේ. එබැවින් නව සැලසුම් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙය වටිනා අවස්ථාවක් බව ද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය.

බටහිර, දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමය මනා ලෙස සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

බෝ නොවන රෝග නිවාරණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පාසල් මට්ටමින් සහ ගෙයින් ගෙට යමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර දේශීය ආහාර රටාවන් සඳහා ජනතාව හුරු කිරීම සහ වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය පැවසූවාය.

අපේ රටේ මාතෘ මරණ අනුපාත දර්ශක සකස් කිරීමේ දී දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති විභවතා සැලකිල්ලට ගෙන නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වූවක් බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

දේශීය ඖෂධ විශාල ප්‍රමාණයක් අද වෙළෙඳපළට නිකුත් කිරීම සිදු වන බැවින් ඖෂධ පාලනය නියාමනය සඳහා ඉහළ අධීක්ෂණයක අවශ්‍යතාවය ද මතු කෙරිණි.

කංසා වගාව නීතිගත කිරීමට ඇති සැලසුම් සහ වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳ නිර්නායක මේ වන විට සකස් කර ඇතිදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ, දේශීය වෛද්‍ය ක්‍රමයේ දළ ඖෂධයක් ලෙස කංසා භාවිතයට “1961 දේශීය ඖෂධ පනතින්” අවසර දී ඇති බවයි. වර්තමානයේ ඖෂධ සඳහා අවශ්‍ය කංසා ප්‍රමාණයන්හි හිඟයක් නැති අතර, දේශීය වෛද්‍යවරුන් සඳහා කංසා නිකුත් කිරීමේ දී කංසා චූරණයක් ලෙස පමණක් නිකුත් කිරීම සිදු වන බවද ඒ මහතා පැවසීය.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන සියලුම මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ආයුර්වේදය නමින් පවත්වාගෙන යන සියලුම නීති විරෝධී මධ්‍යස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කෙරිණි.

සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් පුහුණු ආයුර්වේද සම්භාහකවරුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය පිරිනැමීමට පියවර ගන්නා බවත් ඉදිරියේදී ඔසු උයන් සහ සංචාරක කලාප ආශ්‍රිතව සුව සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය උදාර අතපත්තු මහතා ද මීට එක්ව සිටියේය.

Pin It

සබැඳි පුවත්

නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස්
නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස් දරුවන්ට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි බව විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් නොලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස...
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර දෙකකින් දිර්ඝ කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා පැවසීම තුලින් ඇයට ඔළුවේ අසනිපයක් නිසාවෙන් පවසන ලද්දක් බව හිටපු ජනපති මෛත්‍රිපා...
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ...
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ  බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු ව...
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට, මුල්‍ය හා තාක්ෂණ...
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක්
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක් 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ( 22) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. මෙවර ශිෂ්‍යත්ව ව...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334