fbpx

බිම්ස්ටෙක් මහ ලේකම්, ජනපති හමුවෙයි

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහ ලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි විය. එම කාලසීමාවේ දී ත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක් කෙරිණ.

බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතුය. එමෙන්ම කලාපයේ වෙසෙන ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහ ලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා මහ ලේකම්වරයා සමග පැවසීය. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්පූර්ණ කිරීම මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් වෙනුවෙන් සාමාජික රටවල් අතර විශේෂිත වූ ක්ෂේත්‍ර බෙදාගැනීම සිදු විය යුතුය. විද්‍යාව, තාක්ෂණ, නවෝත්පාදන අංශ, ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර වේ. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි මාස කිහිපයේ දී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදය තුළ පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට හැකි වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාය පළ කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන හොසෙයින් මොෂාරෆ් (Hossain Mosharaf), මහිශිනී කොලොන්නේ (Mahishini Colonne) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

Pin It

සබැඳි පුවත්

නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස්
නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස් දරුවන්ට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි බව විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් නොලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස...
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර දෙකකින් දිර්ඝ කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා පැවසීම තුලින් ඇයට ඔළුවේ අසනිපයක් නිසාවෙන් පවසන ලද්දක් බව හිටපු ජනපති මෛත්‍රිපා...
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ...
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ  බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු ව...
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට, මුල්‍ය හා තාක්ෂණ...
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක්
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක් 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ( 22) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. මෙවර ශිෂ්‍යත්ව ව...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334