යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා - ජනපති

ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) පස්වරුවේ මහනුවර පැවති මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් සෙවීමට, වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

“ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට හැකිවූ බව ජනාධිපතිවරයා පැවසිය.

සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි විය. එම අඩු පාඩු දිගටම පැවතීමට ඉඩ දුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වය ජය ගැනීමේ අවශ්‍යතාව සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍යය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මහනුවර වෛද්‍ය සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසිය ලබන සිකුරාදා (09) අවසන් වේ. මෙහිදී නව සොයා ගැනීම් සහ විශේෂඥ අත්දැකීම් පිළිබදව අධ්‍යයන පුළුල් විමර්ශණයට ලක් කරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, මහනුවර නගරාධිපති කේසර සේනානායක, මහනුවර වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර යන මහත්වරු, සංගමයේ සාමාජික වෛද්‍යවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...

Print   Email