fbpx

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 29 වැනි දින පැවැත්විණි.

මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විතවේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල් ප්‍රයත්නවල ඵලයක් ලෙස මෙම වැඩසටහන පැවැත්විය. උපාධිය සඳහා වන සම්පූර්ණ පාඨමාලා ගාස්තු මෙම සිසුන් විසින් ගෙවනු ලැබේ.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමය, බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Beautiful China Investment Co) සහ ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධයෙන් සිසුන්ට සුභාශිංසන පළ කළ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය. උසස් අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුන්, කර්මාන්ත, සේවකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් 'සතුටට පත් කිරීම' ශ්‍රී ලංකාවේ මෙහෙවර වන බව සඳහන් කළ ඒ මහතා, පාඨමාලා ගාස්තු ගෙවන විදේශීය සිසුන්ට ශ්‍රී ලංකාව උපාධි පාඨමාලා පිරිනමන බව ප්‍රකාශ කළේ ය.

විද්‍යාව, නීතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ටයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ලොවට දායාද කොට ඇති බවත්, ඔවුහු මේ වන විට නාසා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෝයිං සහ ගූගල් වැනි ආයතනවල සේවය කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ලෙස චීන සිසුන් බොහෝ පිරිසක් තානාපතිවරයා විසින් දිරිමත් කරන ලදී. එමෙන්ම, සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර භුක්ති විඳින ලෙස මෙම සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කළේ ය.

 

 

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook