CID අලුත් අධ්‍යක්ෂක අල්විස් - පොලිසියේ ලොකු පුටු 11 කට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ. 

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ අල්විස්  පත් කර ඇත.

එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් තිලකරත්න පත්කර ඇත්තේ  ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසය.

තවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව පත් කර ඇති අතර ඔහු ඊට පෙර කටයුතු කළ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.සී.ඒ පුෂ්පකුමාර  පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.එල් ගීතාල්  නුගේගොඩ කොට්ඨාස භාර තනතුරේ සිට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇත.

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.වී.පී. අජිත් හේසිරි පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කිරිමට ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවපොලිස් මූලස්ථානය පවසයි.

මේ සම්බන්ධව නිකුත් කර ඇති පොලිස් නිවේදනය  පහත දැක්වේ.

Police 11

Pin It

සබැඳි පුවත්

රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන...
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම් අද(26) සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම...
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන්   තාවකාලිකව අත්හිටුවයි
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   ...
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි දෛනික එළවළු තොග මිල ගණන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි. ...
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා බව පොලිසිය පවසයි. නියෝ...
ලෝක තයිරෝඩ දිනය අදයි !
ලෝක තයිරෝඩ දිනය අදයි ! ලෝක තයිරෝඩ දිනය යෙදී ඇත්තේ අද (25) වැනි දිනයකයි. යුරෝපා තයිරෝඩ සංගමය සහ අමෙරිකානු තයිරෝඩ සංගමය හා එක්ව වසර 2008 සිට සෑම වසරකම අද දිනය තයිරෝඩ දිනය ලෙස නම් කරන...

Print   Email