කොරෝනා අඩුවී ඇති බව පෙනෙන්නට නෑ - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

සංචරණ සීමා පැනවුවද මෙතෙක් කොරෝනා අඩු වීමට සිදු නොවු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද (09) එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඇය පවසා සිටියේ ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගම්පහ දිස්ත්‍රික් රෝහල සඳහා අසාධ්‍ය තත්වයේ පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර කටයුතු සදහා භාවිතා කිරීමට අවශ්‍ය වන ICU වෙන්ටිලේටර්, ICU බෙඩ්, නෙබියුලයිසර් මාස්ක්, ඔක්සිජන් මාස්ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට මැලිබන් ආයතනය වෙනුවෙන් එහි අලෙවි කළමනාකරු කසුන් තොටගමුව, ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු පෝෂිත පෙරේරා, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු ගයාන් ඉන්ද්‍රජිත් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී විය.

 

 

Pin It

සබැඳි පුවත්

සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි
සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගියදා යොමු කල ලිපිය මගින් උදය ගම්මන්පිළ මහතාට හිත් රිදිමත් ඇති වුවානම් කණගාටුව පළකරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්...
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ සිසු හෙද / හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ...
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය පටු වුවමනාවන්ගෙන් මෙහෙයවෙන කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙළ වෙනුවට ප්‍රශ්නයට සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළකට ඒමට දැන්වත් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටින බව ජා...
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අපතේ යාමක් සිදු නොවීමටනම් සංචරණ සීමා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට පරයනාලන්කුලම්, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කල වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුව...
මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න - හර්ෂ කියයි
මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න - හර්ෂ කියයි මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොව ගිලන් රථ ගෙන්වීමට පි...

Print   Email