කොරෝනා කියා වෙනස්කම් එපා - ශ්‍රී ලන්කන් ගුවන් සේවය !

Pin It

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. 

ඒ සම්බන්ධව ඔවුන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

විශේෂයෙන්ම  හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත්කිරීම සහ අපහසුතාවන්ට ලක් කර තිබීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෞඛ්‍යයට, පුද්ගලික ආරක්ෂාවට අවදානමක් පවතින අවස්ථාවක පවා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ගුවන් සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇත.

එසේම, COVID-19 වෛයිරසය විසින් සිදුකරන ලද මෙම බරපතල හා අභියෝගාත්මක ගෝලීය අර්බුදය තුළ දී පවා  මගී හා භාණ්ඩ මෙහෙයුම් සහ භූමි සේවා සඳහා ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පැය 24 x 7 අඛණ්ඩ සේවාවක් සපයයි.

ජාතික ගුවන් සේවය වශයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත කාර්යමණ්ඩලයට සිය රැකියාවේ ස්භාවය අනුව අනිවාර්යෙන්ම සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයින් සහ ආනයනික හා අපනයනය කරන භාණ්ඩ සමඟ මුහුණට මුහුණලා කටයුතු කිරීමට සිදුව ඇත.

සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබඳ විධිමත් හා ආරක්ෂිත පුහුණුවක් ලබා ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කිරීමට කැමතිය. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය, තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්ෂාව සහ කාර්ය පටිපාටියන් සහ මග පෙන්වීම් සියල්ලම ගුවන් සේවය විසින් සිදු කරයි.

ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික සහ මානසික පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන අතර මගීන්ගේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා  ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි.

එම නිසා, වගකීමෙන් යුතුව තොරතුරු හුමවාරු කරගන්නා ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ගුවන් සේවය ඉතා කාරුණිකව ඉල්ලා සිටියි. තවද එවැනි අසත්‍ය තොරතුරු සහ ප්‍රවෘත්ති වල සත්‍යතාව පිළිබඳව අවබෝධයෙන් සිටිමින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනස් කොට සැලකීම, පීඩාවට පත් කිරීම හෝ අපහාස කිරීම මෙන්ම  සමාජ මාධ්‍ය හරහා එවැනි අන්තර්ගතයන් පළ කිරීමෙන් හෝ බෙදා ගැනීමෙන් වළකින ලෙස ද ගුවන් සේවය ඉල්ලා සිටියි. ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය රාජකාරියට වඩා ඉක්මවා ගිය ජාතික වගකීමක් ඉටු කරමින් සිටින අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද එහි කොටස් කරුවන් වී සිටියි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සියළුම මහජනතාව වෙත මෙම ආයාචනය සිදු කරන්නේ සියලු ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට සහයෝගය දැක්වීම සහ ධෛර්ය ලබාදෙන  ලෙසයි. එසේම දැනට ඔවුන් විශාල පෞද්ගලික අවදානමකට මුහුණ දෙමින් මිල කළ නොහැකි සේවයක් ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියන්ගේ යහපත හා යහපැවැත්ම උදෙසා  සහ අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකා රජය විසින් ජාතික ගුවන් සේවය වෙත පවරා ඇති සියලු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බව ඔබ සැමට වටහා දීම සඳහාය

Pin It

සබැඳි පුවත්

දවස් 7ට ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 111ක් !
දවස් 7ට ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 111ක් ! ගතවූ දින 07ක කාලය තුළදී ජාතික  ළමා ආරක්ෂණ අධිකාරිය වෙත    පැමිණිලි 111ක් ලැබී ඇති බව වාර්තා වෙයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ  සභාපති...
බොරු චෝදනා එපා - සජිත්ගෙන් මහින්දට උත්තරයක් !
බොරු චෝදනා එපා - සජිත්ගෙන් මහින්දට උත්තරයක් ! කොරෝනා වෛරසය පාලනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග වල අඩුපාඩු රැසක් ඇති නමුත් මේ ඒ ගැන කතා කිරීමට වෙලාව නොවන බවත් දැන් අවශ්‍ය වෛරසය මැඩලීම වෙනුවෙන් කාර්යක්ෂම...
ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි !
ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි ! මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. එසේම රටේ දිස්ත්‍රික් අතර ගමනා ගමන කටයුතුද නවත්වා ඇත. ඒ සම්බන්ධව විශ...
රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් - අගමැති මහින්ද හෙළිකරයි !
රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් - අගමැති මහින්ද හෙළිකරයි ! නීති තර්ක හරහා ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි. ඔහු අද (...
කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී - කළුතර රෝහලේ රෝගීන් 4ක්
කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී - කළුතර රෝහලේ රෝගීන් 4ක් ශ්‍රී ලංකාව තුළ මේවන විට හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාධිතයින් සංඛ්‍යාව 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිවු දෙනෙකුට ...
ජනතාවගේ ජීවිත ගැන අවධානය අඩුකර නෑ - අගමැති මහින්ද
ජනතාවගේ ජීවිත ගැන අවධානය අඩුකර නෑ - අගමැති මහින්ද ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සදහන් කරයි. ඊයේ(20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්...

Print   Email