ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න - ජනපති

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහතික විය.

මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා කීය.

ETI සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ජනාධිපතිවරයා පැවසීය. මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරිහූ සහ ආයතන දෙකෙහි තැන්පත් කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

පාර්ලිමේන්තු යනවාට වඩා මට ඕන රට හදන්න - දුමින්ද කියයි
පාර්ලිමේන්තු යනවාට වඩා මට ඕන රට හදන්න - දුමින්ද කියයි එක රටක් එක නීතියක් මුළින්ම පාර්ලිමේන්තුවේ තමා පැවසු දේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මාලාවට ඇතුලත්ව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක...
පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි
පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි පලෙයි පොලිස් වසමේ පසුගිය 03 වනදා නිවසක සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් ...
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...

Print   Email