සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට

සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගැටළු විමර්ශනය කොට පිළියම් හඳුනා ගැනීම සිදු විය.

උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ.

පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල, සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ

 

Pin It

සබැඳි පුවත්

ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට මෙරට පළමු විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය හැව්ලොක් පාර, උද්‍යාන පාර හන්දියේ දී අද (07) කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට...
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇ​ත. ...

Print   Email