fbpx

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා - ඇමැති මහින්ද

 

නුදුරේදීම ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගලෙන්බිඳුණුවැව කොකාවැව හා කිව්ලේකඩ ගම්මානයේ බී ළූණු ගොවීන් වෙත බින්දු ජල සැපයුම් ක්‍රමය සඳහා අවශ්‍යය කෘෂි උපකරණ බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි. අනතුරුව අමාත්‍යයතුමන් එම ප්‍රදේශයේ බී ළූණු වගා බිම් කීපයක්ද නිරීක්ෂණය කළහ.

එහිදී ගොවීන් අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් පැවැත් වූ අතර, එහිදී ගොවීන් කියා සිටියේ,

අපිට ලොකු ගැටලු කීපයක් තියෙනවා, ලොකු ළූණූ වගාව 98% ක්ම ඉවරයි මේ වන විට, ඒකට හේතුව මේ සැරේ අවශ්‍යය කරන පොහොර සහ යෙදවුම් ටික නැති නිසා, ඉන්දියාවෙන් ආව බෙහෙත් වගයක් තියෙනවා, පාන් පිටි කළවම් කරලා,ඒවා යොදවන කොට දිලීර වැඩියි.ඒ නිසා මේ වන විට ළූණූ වගාව නැත්තටම නැති වෙලා තියෙනවා.කිව්ලේකඩ, කොකාවැව කියන අපේ වසමේ පවුල් 667 ක් තියෙනවා.‌ගොවි පවුල් වල සාමාජිකයෝ ගත්තොත් තුන්දහසකට එහා ඉන්නවා.එදා ඉඳලා කෘෂිකර්මාන්තයේ තමයි නියැලෙන්නේ,මේ කටයුතු කරගෙන යද්දී පොහොර සහනාධාරය නොමැතිකම නිසා කෘෂිකර්මාන්තය අන්ත අසරණ තත්වයට පත් වෙනවා, අපිට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නේ දැන්.

ජනාධිපතිතුමා පත් වෙන්න ගිය අවස්ථාවේ ඇමතිවරුන් ඉල්ලා අස්වෙද්දී අපිට මතකයි ඔබතුමා ප්‍රකාශයක් කළා, පොහොර නැව භාර ගෙන තමයි ඔබතුමා ඇමතිකමින් අයින් වෙන්නේ කියලා. අපි ඒ වෙලාවේ සතුටු වුණා, අපිට මාස් කන්නයවත් කර ගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව අපි ඇති කර ගෙන තියෙනවා.ඔබතුමා මේ ගමට ගෙන්වපු එක ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.ඇත්තටම අපේ ගමට එන්නම ඔ්න කෙනා කෘෂිකර්ම ඇමතිතුමා, ජනාධිපතිතුමා අගමැතිතුමා ආවත් වැඩක් නෑ, ඔබතුමායි අවශ්‍යය.ඊයේ- පෙරේදා ඉඳන් වල් අලින්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ.ඔබතුමන්ලා කියනවා මඤ්ඤොක්කා හදන්න, අල - බතල හදන්න කියලා.අලි කීපදෙනෙක් ඇවිත් ඉන්නවා වනජීවී එකට කිව්වම කියනවා ප්‍රථිපාදන නෑ කියනවා එන්න.අලි වෙඩිල්ලක් ගන්න තැනක් නෑ,ඒ නිසා අලි එලවාගන්න ක්‍රමයක් නෑ, පොලීසියට කියලා වෙඩි තියන්නද? නෑනේ එතකොට අලි එලවාගන්න ක්‍රමයක් නෑ, අලි ගම්වදිනවා හවස 06 -07 වෙනකොට, වත්තක මඤ්ඤොක්කා ගහක් තියන්නේ නෑ,ඒ තර්ජන උපරිමෙන් තියෙනවා.කියනවා නම් කියන්න ඔබතුමාට ලොකු දේවල් ගොඩක් තියෙනවා අපිට.ඔබතුමන් තමයි මේ විෂයපථ තුනේම ඉන්නේ, ඔබතුමා අද ඇවිල්ලා අපේ මේ දුක හඳුනාගෙන ගිහින් කඩිනමින් විසඳුමක් දෙන්න පුලුවන් එකම කෙනා.ඔබතුමන් මනුස්සයෝ අතර ඉන්න කෙනෙක්, ඔබතුමන්ට හූ කියන්න, ගෙදර යන්න කියන්න කෙනෙක් නෑ,එහෙම කියනවා නම් ඒ මානසික රෝගීන් වෙන්න ඔ්න, ඔබතුමන් පසුගිය රජයන් වල ඉද්දීත් භාර ගත්ත ඇමතිකම් වල ඔබතුමන් හොඳට වැඩ කළා.ඒ වගේම ගොවියන්ට හේන් ඉඩම් වල මායිම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා.මේවාට කඩිනම් විසඳුමක් ලබා දෙන්න.කන්නකට ළූණු කිලෝ 25000 -30000 කරන ගොවියෝ ඉන්නවා අක්කර ගණන් වල වගා කරලා.අපිට ළූණූ වගාවට අවශ්‍යය රසායනික ද්‍රව්‍යය වල ප්‍රමිතියක් නෑ දැන්,ඒ ගැන භයක් නැතිව කියන්න පුලුවන්.හැබැයි ඒ ප්‍රමිතිය අපිට හදන්න බෑ, වගාවේ රෝග වලට අවශ්‍යය බෙහෙත් අපි දැන ගෙන ගැහුවට කිසිම ප්‍රගතියක් නෑ යැයිද පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා,

වගාව අත්හැරලා දාන්න ඉන්න බී ළූණු වගාව ආපහු පටන් ගන්න, ඒකට මොනවා හරි අධාර ක්‍රමයක් හදලා දෙන්නම්. බොහෝම පොඩ්ඩයි බී ළූණූ දඹුල්ල පැත්තේ හැදෙන්නේ.අනිත් ඔක්කොම රටින් ගේන්නේ, හැම වෙලාවේම රටින් ගේන එක නවත්තලා, අ‌පේ දේවල් රට යවන එක ගැනයි වැඩියෙන්ම අපි ප්‍රමුඛතාව දෙන්න ඔ්න, දැන් මිරිස් වගාව, බඩ ඉරඟු වගාව හොඳට කරනවා.අපි වී වල අස්වැන්න වැඩි කර ගත යුතුයි, බඩ ඉරඟු, මිරිස් හා බී ළූණූ, අර්තාපල් වගාව සාර්ථක කර ගත යුතුයි.මම කියන්නේ නෑ එළවලු වවන්න එපා කියලා, නමුත් ඒවා කොහොම හරි ගෙවල් වල හදාගෙන මිනිස්සු කාවී, ඒවා නරක දෙයක් නෙමෙයි.කරන්න පුලුවන් අය කරන්න.ප්‍රමුඛතාවයක් දෙන්න ළූණූ වලට.

අපි අවශ්‍යය ආහාර ටික හදාගත්තට පස්සේ හොඳම ගුණදායක දේවල් හදා ගමු,අපි දැන් පොහොර, තෙල් ඔක්කොම තහනම් කරානේ, හැබැයි දැන් ඉන්දියාවෙන් ගෙනත් කන හාල් වල මොකක්ද තත්වය.අනෙක් රටවල් වලින් ගෙනත් කන හාල් වල, මිරිස් වල ලංකාවේ තහනම් කරපු ඔක්කොම රසායනික ද්‍රව්‍ය ගහනවා.ලංකාවට වැඩිය බාල පොහොර තමයි හැම රටකම වගේ පාවිච්චි කරන්නේ.අපි ඒවා කනවානේ, ඉස්සරලා අපිට අවශ්‍යය ටික හදාගෙන පස්සේ ප්‍රමිතියට හදා ගමු.ඒ නිසා වැඩි දවසක් යන්න ඉස්සරලා ග්ලයිෆොසෙට් තහනමයි, ඔය කියන රවුන්ඩ්අප් කියන නම් වලින් එන්නේ එකම ටිකනේ, ඒ ටිකේ තහනම අපි අයින් කරලා දීලා කට්ටියට ගෙන්වන්න දෙනවා.ඒක පාලනයකින් තමයි පාවිච්චි කරන්න දෙන්නේ.ඊළඟට ප්‍රමිතිය සහ මිළ ගැනත් ගැටලුවක් තියෙනවා මේවායේ.අපි දැන් ලෑස්ති කරලා තියෙනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල රසායනික ද්‍රව්‍ය අලෙවිකරන්න ඒජන්සිය අරන් දෙනවා.පලමුවැනි පාර අපිට කෙලින්ම රටින් ගේන්න බෑ, නමුත් ග්ලයිෆොසෙට් ව‌ගේ දේවල් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් විතරක් ගන්න පුලුවන් වෙයි, කඩවල නැති වෙයි.බොහෝ දුරට සීමාවක් තියෙන්න ඔ්න නිසා.මේ දෙනවාට වඩා වට්ටමක් ගොවියාට අපිට දෙන්න පුලුවන් වෙයි.25% ක වට්ටමක් ලැබුණොත් 5% ක් ගොවි සංවිධාන වල වියදමට තියාගෙන 20% ක වට්ටමක් ගොවියාට දෙන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා.ප්‍රමිතියෙන් ඉහළ කෘෂි රසායන සාධාරණ මිලකට ඒ හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල පරණ තෙල් ලේබල් ගහ ගහ වෙනස් කර කර දෙනවා.ඒ ක්‍රමය අපි නතර කරන්නම්. පොහොර ටිකත් අපි බඩඉරඟු වලට දෙනවා.ඔය මිලත් එන මාස් කන්නය වෙද්දී අඩු වෙනවා.ඒ අයට සල්ලි වගයක් ගෙව්වේ නැති ප්‍රශ්න, ඩෙලර් එකත් වේගයෙන් ගියානේ, ඩොලර් එක 450ට ගණන් හදලා තිබ්බේ.ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩිවීම් තියෙනවා.බන්ඩි පොහොර , යූරියා අපි දෙනවා, මඩ පොහොර වල ප්‍රශ්නයක් තියෙනවා, ඒවා ගන්න රටක් නෑ.ඒකත් අපි‌ හොයාගෙන යනවා.අපි බී ළූණූ වලට වැඩි අවධානයක් යොමු කරමු.

ඒ වගේම ගොවිතැනට අවශ්‍යය ඉන්ධන ටික, පොහොර ටික ඇතුළු යෙදවුම් සහන මිලට දෙන්න කියලා වගේ, අස්වැන්නට හොඳ මිලක්නේ ඉල්ලන්නේ ඒ ටික අපි හදලා දෙන්නම්. අස්වැන්න ලැබෙන කාලෙට රටින් ගෙන්වන එක නවත්වන්නම්, අලි ප්‍රශ්නයට අලි වැට ගහන්න අවශ්‍යය බඩු අපි දෙන්නම් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට සුහුරු වාරී ව්‍යාපෘතියේ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යන හල්මිල්ලෑව කෘෂි ගොවිපලෙහිද නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එම ගොවිපලෙහි නයි මිරිස්, මිරිස්, ටී.ජේ.සී අඹ වගාව, සත්ව පාලනය ඇතුළු සාර්ථක කෘෂිකාර්මික කටයුතු අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

 

තිසර සමල් - අනුරාධපුර

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook