වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි

ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ ඉඩම් සම්බන්ධයෙන් විශාල වශයෙන් වංචා දුෂණ වී ඇති බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය " අපේ රටේ ඉඩම් කියන්නේ සියලු පුරවැසියන්ට අයිති වස්තුවක් කියලා කියන්න පුළුවන්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතමා හැම වේලේම අපට කියන්නේ මේ රටේ ඉපදුන පුරවැසියකුටම ජිවත් වෙන්න නිවසක් සකස් කරන්න ඉඩමක් ලබා දෙන්න කියලා . ඒ වගේම කෘෂිකාර්මික රටක් වශයෙන් මේ රටේ කෘෂිකාර්මිකයාට ගොවියාට වගා කරන්න ඉඩම් ලබා දෙන්න. විශේෂයෙන් ඉඩම් ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු ඉඩම් දේශපාලනයන්ගේ වුවමනා මත අවභාවිතා වෙලා තියෙනවා. 2001 සිට 2004 රජය කාලේ ඒ වගේම 2015 සිට 2020 කාලයෙත් කැපිපෙන වංචා දූෂණ හොරකම් ඉඩම් මගඩි සිදුවෙලා තියෙනවා කියලා. ඊයේ දවසේදි පොලිස්පතිවරයාට කතා කරලා ජනාධිපතිතුමාගේ අවසර අරගෙන පොලිස්පතිවරයාට කතා කරලා දුෂණ මර්ධන විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් වරයෙක් සහ සහකාර පොලිස් අධිකාරියෙක් පත් කරලා පොලිස් ඒකකයක් අමාත්‍යාංශයට පිහිටුවන්නට. ඒ අනුව දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා අපිට ලැබෙන පැමිණිලි අනුව අපිට ලැබෙන අසාධාරණකම් බලලා ඉඩම් ආපසු කෘෂිකාර්මික ජනයාට ලබා දෙන්න. ජනතාවගෙන් ඉල්ලන්නේ අවභාවිතා වී තිබෙන ඉඩම් පිළිබඳ විස්තර කියන්න කියලා. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් වශයෙන් දකිනවා කොළඹ ප්‍රදේශවල මුදලාලිලා ව්‍යාපාරිකයෝ ගිහිල්ලා ඉඩම් අක්කර 25, 30 කොටුකරගෙන තියාගෙන ඉන්නවා. මේවා අපේ රටේ වගාවට යොදා ගන්න ඕන ඉඩම්. අද කැලෑබද බවට පත් කරලා අල්ල ගෙන ඉන්නවා. අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතමා වගා සංග්‍රාමය අපේ රටේ අවශ්‍ය ආහාර නිෂ්පාදන අපිම කර ගත යුතුයි යන්න සංකල්පය තුළ විශාල බාධාවයක් තියෙනවා. කහ, ඉඟුරු පිටරටින් ගේන ඒක නැවැත්තුවා. මේක නැවැත්තුවාම අපිට කර ගන්න බෑ කියලා. අද වෙන කොට අපට අපනයනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ බඩ ඉඟුරු, සෝයා, කවුපි, මුං වැනි බෝග 16ට මිලක් නියම කරා රජය විසින් සහතික මිලක්. ඒක සැලකිල්ලට ගෙන අපේ ගොවි ජනයාට අපේ සම්පූර්ණ ආහාර ටික නිෂ්පාදනය කරන්න පූළුවන් වුනා. මේ අවුරුද්දේ විශාල ඉලක්කයකට යන්න පුළුවන් වුණා.ආහාර නිශ්පාදනය කරනවා. හොඳ වර්ෂාපතනයක් තියෙන නිසා අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය, බඩ ඉරුඟු ප්‍රමාණය අපිට අවශ්‍ය කවුපි, මුං ඇට දේවල් අපේ රටේ නිෂ්පාදනය කිරීමට ශක්තිය ගොවියාට ලබා දීලා තියෙනවා. තව තවත් ගොවියා ශක්තිමත් කිරීමට අවභාවිත වී තිබෙන මේ ඉඩම් ටික ලබා දෙන්න කටයුතු කරනවා.

Pin It

සබැඳි පුවත්

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල
රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල තමා මේ මාසේ අවසනයේ සිටි සෑම මැතිවරණ කොට්ඨාශයකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින ස...
පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි
පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ඒ සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාද වී...
ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කූඨ...
රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි
රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි. 68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධි...
මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්
මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල් තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ...
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ...

Print   Email