ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි

දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිවරයාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට ඇපකැපවිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය " මෙතෙක් අපේ රාජ්‍ය නායකයා වුනේ දේශපාලනික නායකයෙක්. නමුත් මෙවර ඒ ක්‍රමය වෙනස් වෙලා, ප්‍රථම වතාවට දේශපාලනික නොවන නායකයෙක් ජනාධිපති බවට පත්වුණා. ඒ වගේම ගෝඨාභය මැතිතුමා තාක්ෂණිකවේදියෙක්. රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තිබෙන බව ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තමයි ජනතාව මෙවර එතුමාව ජයග්‍රහණයට පත්කළේ. එතුමා මා කෙරෙහි එවැනිම විශ්වාසයක් තබලා තමයි, මට මේ වගේ වැදගත් අමාත්‍යාංශයක් පවරලා තිබෙන්නේ. ජනාධිපතිතුමාත් අගැතිතුමාත් මා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉතාමත් සුරක්ෂිතව මා ආරක්ෂා කළ යුතුයි. මම මගේ දේශපාලනය ඊට හරස් කරගන්නේ නැහැ. මම ප්‍රාථමික, ගෝත්‍රික දේශපාලනික කෝණයකින් මම කිසිම ප්‍රශ්නයක් දිහා බලන පුද්ගලයෙක් නෙමෙයි. අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ අශිලාචාර දේශපාලන ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා තිබෙන්නේ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

Pin It

සබැඳි පුවත්

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක ...
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේද...
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප...
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ...
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදි කළ සුවි...
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත ද...

Print   Email