fbpx

ආණ්ඩුවක් බැරිනම් පාලනයක් - ජනපති

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපතිවරයා මේ බව පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානය සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා “සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ආර්ථිකය දැන් අසීරු තත්වයකයි තිබෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩඑන්න සියලුදෙනා එක්වෙලා ආණ්ඩුවේ ඇමති ධූර භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න කටයුතු කරන්න ඕනෑ. මම සමගි ජන සන්ධානයට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වෙලා අපිත් එක්ක කටයුතු කරන්න. මේ සියලු දෙනා මමත් සමග වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.
1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
1977 ආණ්ඩු පෙරළියේ දී 5/6 බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් 5/6ක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.
පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නිතිය අවශ්‍යයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස අපි යෝජනා කරන්න කැමැතියි. එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට නායකත්වය ලබා දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා. එමෙන්ම 19 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්‍යාව 20 වන සංශෝධනයෙන් වැඩිකර තිබෙනවා. එය 19 වන සංශෝධනයේ තිබුණු පරිදිම තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරන්න කැමතියි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවී තිබීමයි. මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවිම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ස්ථාපිත කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට අමතරව තවත් කමිටු පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අපි යෝජනා කර සිටිනවා. සමගි ජන සන්ධාන අද මෙම සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක සිතුවිලිවලින් යුක්තවයි. මේ අවස්ථාවේ රටක් ලෙස අපි මේ සාකච්ඡාවට එක්විය යුතුයි. වර්තමානයේ රටේ පවතින්නේ අසාමාන්‍ය දේශපාලන තත්ත්වයක් බව කිවයුතුයි. ඒ බව මනාව අවබෝධ කර ගනිමින් මේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමට සූදානම් බව මා ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා "ප්‍රචණ්ඩත්වය මුදාහැරි පිරිස් වෙත දඬුවම් ලබා දුන්න ද, සාමකාමී අරගලයේ නිර වූ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගියදා ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අපි සතුටුයි. අපේ කණ්ඩායමේ වැඩපිළිවෙළත් ඊට සමාන බව කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා "දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වුණා. ඒ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනෑ. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ වගකීම් අපි සියලුදෙනාට පැවරී තිබෙනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ. පවතින ගැටලුවට එය විසඳුමක් ලෙස මම දකින්නේ නැහැ. අවශ්‍ය වන්නේ වර්තමානයේ රට සහ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවීමයි.

මෙහිදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වූ අතර අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික...
ගෑස් සඳහාත් මිල සුත්‍රයක්
ගෑස් සඳහාත් මිල සුත්‍රයක් ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ...
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි...
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත්
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත් විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට...
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත ...
චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ
චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තාන...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook