මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බැලීම යුතුකමක් - අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිලිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මද්‍රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Pin It

සබැඳි පුවත්

පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ..... කොරෝනා අවධානමක් ද?
පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ..... කොරෝනා අවධානමක් ද? පාර්ලිමේන්තු ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. අද උදැසන එම සේවකයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ...
නව පොලිස්පති රාජකාරි අරඹයි   
නව පොලිස්පති රාජකාරි අරඹයි   මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ. සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොල...
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණය යළි ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ...
ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට
ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පව...
ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 43 කට කොරෝනා ආසාදනය වෙයි
ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 43 කට කොරෝනා ආසාදනය වෙයි ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 53 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩීවීමට ඇති බවත්ය....
 රියර් අද්මිරාල් සරත් වීරසේකරට කැබිනට් ඇමැතිකමක්
රියර් අද්මිරාල් සරත් වීරසේකරට කැබිනට් ඇමැතිකමක් නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ, රියර් අද්මිරා...

Print   Email