ආවොත් ලේසි නෑ - රට සිට එන හැමෝගෙම නිරෝධායනය අනිවාර්යයි - පවිත්‍රා

සංවර්ධනය වූ රටවලට පවා පාලනය කර ගත නොහැකි මට්ටමකට පැතිරී යමින් පවතින COVID-19 වෛරසය ශ්‍රී ලංකාව වැනි රටක ව්‍යාප්ත වුවහොත් කෙතරම් සෞඛ්‍ය අංශ ශක්තිමත්ව ක්‍රියා කළ ද එය පාලනය කිරීම ඉතා අසීරු කටයුත්තක් වන බවත් මෙරට පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරී ඇති රටවලින් මෙරටට පැමිණෙන සියලු දෙනා දින 14 ක නිරෝධායනයට ලක්කිරීමට අනිවාර්යයක් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඇමතිවරිය මේ බව සඳහන් කර සිටියේ ඊයේ(11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින්ය.

 ආණ්ඩුවක් ලෙස වගකීමෙන් මේ සම්බන්ධව කටයුතු කරන බවත් එහිදී ඇය සඳහන් කල අතර  පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසයට ගොදුරුව කොළඹ උණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එම පුද්ගලයා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර දැනටමත් ලබා දෙමින් සිටින බවත් පැවසුවාය.

කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී පවතින ඉතාලිය, චීනය, දකුණු කොරියාව වැනි රටවල සිට පැමිණෙන සියලු දෙනා දින 14 ක අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බවත් මෙහි දී කියා සිටියාය.

එමෙන්ම  නිරෝධායන කටයුතු සඳහා මෙරටට පැමිණෙන සහ මෙරට ජිවත් වන සියලුම ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් වෛරසය පැතිරීම සඳහා ගත යුතු අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටි අතර වඩා වැදගත් වන්නේ මෙරට ජිවත් වන ජනතාවට මෙම වෛරස වැළඳීමේ ඉඩකඩ අවම කිරීම බවත්, එය පැතිරීම වැළක්වීම බවත් කියා සිටී අමාත්‍යවරිය ඒ සඳහා මෙරටට පැමිණෙන එකී විදෙස් ගත ශ්‍රමිකයින් සියලු දෙනා කිසිඳු බලපෑමකට හෝ විරෝධයකට යටත් නොවන බවත් පැවසූ අතර මෙසේ අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බව ද මෙහි දී අවධාරණය කර සිටියාය.

 
Pin It

සබැඳි පුවත්

විජයග්‍රහණයේ 11 වන සැමරුම - අද  ජනාධිපති ප්‍රධානත්වයෙන්
විජයග්‍රහණයේ 11 වන සැමරුම - අද ජනාධිපති ප්‍රධානත්වයෙන් විජයග්‍රහණයේ 11 වන සැමරුම අද (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී අභිමානවත් නමුත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුති...
ප්‍රවාහනය සඳහාත් කාර්‍ය සාධක බලකායක්
ප්‍රවාහනය සඳහාත් කාර්‍ය සාධක බලකායක් ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්‍ය   සාධක බලකායක් පත්කර තිබේ.   ඒ...
නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ - ආරක්ෂක අමාත්‍යාංශය
නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ - ආරක්ෂක අමාත්‍යාංශය කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට ඇතැම් මාධ්‍ය විසින් ස...
5000 දීමනාව ජුනි මාසයටත් !
5000 දීමනාව ජුනි මාසයටත් ! සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් 5000.00  වන  දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීර...
ජනතා දායකත්වය සතුටු දායක නෑ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
ජනතා දායකත්වය සතුටු දායක නෑ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී ජනතා දායකත්වය සතුටුදායක නොවන බවත් එබැවින් අදාළ රෙගුලාසි කඩකරන පාර්ශව සම්බන්ධව ක්‍රියා කිරීමට සිවිල් ඇඳුමින් පොල...
වැඩි බිල්පත් ආවේ  විදුලි බල මණ්ඩලයට අත්වැරදීමක් නිසා !
වැඩි බිල්පත් ආවේ විදුලි බල මණ්ඩලයට අත්වැරදීමක් නිසා ! සමහර  විදුලි පාරිභෝගිකයින්ගේ  බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි....

Print   Email