fbpx

රථවාහන තදබදයට විසදුමක් ලෙස කොච්චිකඩේ නගර සීමාව මං තීරු හතරකින් පුළුල් කිරීම කඩිනම් කරයි

කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට අවශ්‍ය විසදුම් ලබාදීමට අදාළව කොච්චිකඩේ නගර සීමාව මංතීරු හතරක් යටතේ පුළුල් කිරීම සම්බන්ධව විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දැනට කොච්චිකඩේ නගර සීමාවේ පවතින අධික රථවාහන තදබදය වැළැක්වීම වෙනුවෙන් දලුපොත මංසන්ධියේ සිට තෝප්පුව පාලම දක්වා කිලෝ මීටර් 5.6 ක දුරක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට හඳුනාගෙන තිබේ. එහි පළමු අදියර ලෙස කොච්චිකඩේ නගර සීමාවේ මීටර් 820 ක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීම කඩිනම් කරනු ඇත. එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව හා පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

පෑලියගොඩ පුත්තලම (A003) මාර්ගයේ අනුරාධපුර, පුත්තලම හා යාපනය ප්‍රදේශවලට ගමන් කරන රථවාහන කොච්චිකඩේ නගරය මග හැර යාමට විකල්ප මාර්ග භාවිතා කිරීමට නැඹුරුවීම හේතුවෙන් කොච්චිකඩේ නගරයේ ව්‍යාපාරික කටයුතු පහළ යා හැකි බැවින් මෙන්ම ජනතාවගේ කාලය, මුදල් ඉතිරි කර ගැනීම හා පරිසර දූෂණය අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාවට අවම හානිය වන පරිදි කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබීය.

ව්‍යාපාරික සංගමයද මෙම මාර්ගය මංතීරු හතරක් යටතේ පුළුල් කොට නගරයේ සංවර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව පැවසීය.

පොල්, කිතුල්, තල් හා රබර්වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති, මාහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,මාර්ග සංවර්ධන අධකාරියේ සභාපති චමින්ද අතලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, අධ්‍යක්ෂ (ඉඩම්) නෙත්තිකුමාර, කොච්චිකඩේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජූඩ් සිල්වා, ලේකම් ආර්.එම් ශාන්තකුමාර, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස්
නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා - ඇමැති ඩලස් දරුවන්ට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි බව විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් නොලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස...
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි
ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර දෙකකින් දිර්ඝ කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා පැවසීම තුලින් ඇයට ඔළුවේ අසනිපයක් නිසාවෙන් පවසන ලද්දක් බව හිටපු ජනපති මෛත්‍රිපා...
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් - විපක්ෂ නායක සජිත් කියයි මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ...
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ  බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති
දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබේ බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය කියති දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු ව...
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි
ලෝකබැංකුව, ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත්කරයි මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට, මුල්‍ය හා තාක්ෂණ...
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක්
2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක් 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ( 22) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. මෙවර ශිෂ්‍යත්ව ව...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334