පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

පොල්තෙල් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ 2020 අපේ ආණ්ඩුව පත් වීමෙන් පසුව බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

එසේම එම පරීක්ෂණ කටයුතු නිසා පොල්තෙල් වල පිළිකාරක අඩංගු බව හදුනාගත් අතර එම නිසා ජනතාව එය පරිභෝජනය කිරීමෙන් වලක්වා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ආසනයේ මගුල් පොකුණ පල්ලිය පාර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (04) දින සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, " අද සමාජයේ පොල්තෙල් ගැන කතා කරනවා. ලංකාවට ගේන පොල්තෙල් පිළිකා කාරකද නැද්ද කියලා පරීක්ෂණය කරන්න ගත්තේ 2020 වර්ෂයේ ඉදන්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වුනාට පස්සේ. පරීක්ෂණ කරන්න ගත්ත හින්දා තමා මේවා අල්ලගත්තේ. 2020 ට ඉස්සෙල්ලා මේවා පරීක්ෂණය කළේ නැහැ. ඒවායේ පිළිකා කාරක තිබුනනම් ජනතාව දැන් කාලා ඉවරයි. ආණ්ඩුව පරීක්ෂණ කරලා මේවා අල්ල ගත්තමත් ආණ්ඩුවට චෝදනා කරනවා. දැන් පිළිකාකාරක සහිත පොල්තෙල් ප්‍රතිඅපනයන කරන්න නියෝග කරලා තියෙනවා. මේ නියෝගය කඩ කරපු කවුරුහරි ඉන්නවනම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තවම සමාජයෙන් පිළිකාරක පොල්තෙල් හම්බවෙලා නැහැ. එහෙම තිබුනොත් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුව, අතිගරු ජනාධිපතිතුමා ඉන්නකම් අහිතකර පිළිකාකාරක හෝ ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු දෑ රටේ ජනතාවට ලබා දෙන්න ඉඩ තියන්නේ නැහැ යැයි " රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Pin It

සබැඳි පුවත්

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ
කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ මැයි 13 වනදා සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත...
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව ජෙනාරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත එහි අකුරක්වත් වෙනස්...
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර ව...
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වන විට භාවිතා කරන හයිෆ්ලෝ Hiflow මැෂින් ගෙන්වීමට මේ වන විට ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්...
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිටින අයට මේ අවදානම් දීමනාව ලබ දී රට වහාම සම්පූර්ණයෙන්ම සති කිහිපයනට ලොක්ඩවුන් කරලා මහජන ජීවිත ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ...
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 13 ක් අද (12) උදැසන 7.30 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්...

Print   Email