fbpx

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලපෑමක් නොවන පරිදි රාජ්‍ය සේවයේ නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හැකි බව 14/2022 චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

ලේකම්වරයා මේ බව අනාවරණය කළේ "රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ නව චක්‍රලේඛය" මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම වැඩපිළිවෙල රජයේ නිලධාරීන් විදේශගත සේවයේ යෙදවීමට සකස් කළ එකක් නොවන බවත් විදේශ ගත රැකියාවක් කිරීමට අපේක්ෂිත යම් නිලධාරියෙක් වේ නම් රැකියා අවස්ථා ඔහු හෝ ඇය විසින්ම සොයා ගත යුතු බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

ඒ අනුව මෙම චක්‍රලේඛය විදේශගත වීමට අපේක්ෂා කරන නිලධාරීන්ගේ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි නිවාඩු ලබා ගැනීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම් සලකා නිකුත් කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා මෙම අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ආයතනවලින් රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියාවක නිරත වීමට අවශ්‍ය පුහුණුව ලබා දිය හැකි බව සඳහන් කළේය. භාෂා පුහුණුව හා වෘත්තීය පුහුණුව එමගින් සලසා දිය හැකිය. මේ සඳහා ඉඩ පහසුකම් හා සම්පත්දායකයින් වැඩිකිරීමට, දැනුම හැකි ඉක්මනින් ලබා දීමට ක්‍රියා කරගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඒ ඒ රටවලට ඇති වෘත්තීය අවශ්‍යතාවන්ට අනුව අපේ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමටත්, රැකියා ඉල්ලුම්කරුවන්ගේ අයැදුම්පත් පරීක්ෂා කිරීමටත් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Pin It

සබැඳි පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05 ) දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්ස...
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති
නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක...
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල
නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල...
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල්
අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට රටේ පවතින අර්බුදයෙන් මාස හයකින් ගොඩ ගැනිමට හැකි බව පවසා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දීමට තමා සුදාන...
ජනපති පාර්ලිමේන්තුවට
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇ...
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්
ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) පැවසු බව ජනාධිපති මාධ්‍ය ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook