එදා මහින්ද පරාද කලේ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් - ජොන්ස්ටන් කියයි

එදා විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් ජාතිවාදය නිර්මාණය කරලා 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කල බව කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සහය දීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සංසදය විසින් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "2015 දී මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරල ගෙදර යැව්වා .නමුත් පසු කාලීනව ජනතාව තේරුම් ගත්තා ඔවුන් එදා ගත් තීරණය වැරදි බව .එම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් වැරදි තීරණය නිවැරදි කළා .මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ රජතුමාව මේ රටේ ජනාධිපති කළා . නැවතත් විපක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා දිහා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් බලනවා .මල්ලි ජනාධිපති අයියා අගමැති කියලා මේ දෙන්නාට මට ගහනවා .අපේ රටට මෙවැනි අයියා මලෝ සුසංයෝගයක් ලැබුණේ අපේ වාසනාවකට .එක්සත් ජාතික පක්ෂයේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටියේ මේ කොයි වසංගත නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් මියයයි කියලා.එතකොට ඔවුන්ට පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න .ඔහුගේ පාලනය විවේචනය කරන්න .නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමා උපක්‍රමශීලීව සියලු දෙනා දෙනාගේම සහයෝගය ඇතිව කොවිඩ් වසංගතය අපේ රට ආරක්ෂා කළා .මේවා සංගතිය පාලනය කිරීමට ඔහු ගත් තීන්දු තීරණ වලින් අපට එතුමාගේ පරිණත නායකත්වය පිළිබිඹු වෙනවා .මේ රාජපක්ෂ පවුල නොසිටින්න ඔබටත් මටත් ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ .එදා සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිවැරදි තීන්දුව නොගත්තේ නම් අදටත් අපි ප්‍රභාකරන්ගෙ වහල්ලු .මේ රාජපක්ෂ පවුල කියන්නේ අපේ රට ආරක්ෂා කර මුර දේවතාවන් බඳු පවුලක් .ඔබ සිල්ලර දේවල් සඳහා පෙනී නොසිටින්නේ බුද්ධිමත්ව තීරණය ගන්න .

Pin It

සබැඳි පුවත්

පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි
පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි පලෙයි පොලිස් වසමේ පසුගිය 03 වනදා නිවසක සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් ...
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට මෙරට පළමු විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය හැව්ලොක් පාර, උද්‍යාන පාර හන්දියේ දී අද (07) කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට...

Print   Email