ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙන්නට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබු බවත් එම බලාපොරොත්තු සුන් වන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මල්පුර ගම්මානයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලමින්, එම ගම්මානයට පානීය ජල නල එලීමේ කටයුතු සමාරම්භ කරමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය " මේ නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබුණා,ඒ මොකද හැමදාමත් ආණ්ඩුවක් හදලා, පළාත් සභාවක් - ප්‍රාදේශීය සභාවක් හදලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවන මට්ටම ඉන්න තත්වයෙන් තවත් උසස් කර ගන්න එක,අද වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ඒ තැනට මේ රට ගමන් කරවන්න ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.හැබැයි සමහර වෙලාවට ඡන්දය දුන්න අය නම් එච්චරම සතුටු නැතිව ඇති, ඒ මොකද කතිරය ගහපු ගමන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රථිපලය.කතිරය ගහපු ගමන්ම රස්සාවක් නැති කෙනා බලනවා රස්සාවක් ලැබෙයි කියලා, ලයිට් නැති කෙනා බලනවා ලයිට් ටික ලැබෙයි කියලා, වතුර නැති කෙනා බලනවා වතුර ටික ලැබෙයි කියලා, වැව හදාගන්න ඉන්න ගොවි සංවිධානය හිතනවා අපේ වැව තමයි ඉස්සරලාම හදන්නේ කියලා, ජනතාවගේ බලාපොරොත්තු එකක්වත් සුන් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.එකක්වත් නොකෙරෙන තැනට නෙමයි අපි ගෙනයන්නේ,මේ සියල්ලම කළ යුතු දේවල්.හැබැයි අපි මේ අවුරුදු 05 තුළ මේ වැඩසටහන් පෙළගස්සා ගත්තම මොකක්ද පළමුවැනියට කරන්නේ, මොකක්ද දෙවැනියට කරන්නේ කියලා ලැයිස්තුවක් හදා ගන්න වෙනවා.එහෙම නැතිව අපිට අවුරුදු 05 ම වැඩ පළමුවැනි අවුරුද්දේ කරන්න බෑ.පළමුවැනි මාස 06 කරන්න පුළුවන්කමක් නෑ,ඒ නිසා සියලුම අමාත්‍යංශ අද ජනතාවට අවශ්‍යය කරන,වැඩ ටික සංවර්ධනයන් ගමේ කර ගෙන යනවා.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, කොත්මල්පුර කොට්ඨාශ අපේක්ෂක එච්.එන් ජයසූරිය මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

තිසර සමල් - අනුරාධපුර

Pin It

සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...

Print   Email