fbpx

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය විජේදාස පත්වෙයි

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයට අදාළව නව සභාපති වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා 21  ඒකමතිකව තේරී පත්විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජිකයන් නම්කරන ලදී.

මේ අනුව මෙම කාරක සභාවේ සෙසු මන්ත්‍රීවරු ලෙස ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, කනක හේරත්, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, වීරසුමන වීරසිංහ සහ සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහූ කටයුතු කරති.

 

Pin It

සබැඳි පුවත්

පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
රාජසන්තක කල වාහනයේ ආනයනය කල පුද්ගලයාටම දීම ගැන වාර්තාවක් ඉල්ලයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
රාජසන්තක කල වාහනයේ ආනයනය කල පුද්ගලයාටම දීම ගැන වාර්තාවක් ඉල්ලයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි ...
ඛනිජතෙල් නිෂ්පාදන පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතයි
ඛනිජතෙල් නිෂ්පාදන පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතයි ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උප...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook