ග්‍රාමීය ආර්ථිකය නැංවීමට වැඩසටහන් රාශීයක් ක්‍රියාත්මක කර තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මෙම වර්ෂයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් ඒ සදහා වැඩසටහන් රාශීයක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටාන ආසනයේ මාර්ග වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවට (27) දින සහභාගී වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කටාන ආසනයේ ආඬිඅම්බලම කිඹුලාපිටිය මාර්ගය, මුරුතාන බම්ඹුකුලිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.4 ක් වන අතර ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 142 කි. මෙහි කොන්ත්‍රාත් අධීක්ෂණය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

කොච්චිකඩේ ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය මග හැර යාම සඳහා විකල්ප මාර්ගයක කොටසක් ලෙස ආඬිඅම්බලම හා කිඹුලාපිටිය මාර්ගය භාවිතා කළ හැක. දීර්ඝ කාලයක් මෙම මාර්ගය අබලන්ව පැවති අතර මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, "ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී විශේෂයෙන් කාන්තාව සවිබල ගැන්වීම අපේ අරමුණයි. මේ හරහා රටේ ආර්ථිකයට ක්‍රියාකාරී දායකත්වයක් ඔවුනගෙන් ලබා ගැනීම සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය ඇතුලු බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහුන දීමට නොහැකිව ඇතැම් ප්‍රදේශ අදටත් වසා දමා තිබෙනවා. නමුත් අපේ රට කොරෝනා වසංගතය පාලනය කර ගනිමින් හා එන්නත්කරණය සාර්ථකව සිදු කිරීම නිසා රට විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් මේ වන විට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු ඇතුලු දෛනික කටයුතු සිදු කරමින් පවතිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් සියල්ල විවෘත කරන්න දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඉදිරි මාස තුන හතර ඇතුලත අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබා දීම රජයේ අරමුණයි."

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න, කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Pin It

සබැඳි පුවත්

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ
කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ මැයි 13 වනදා සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත...
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව ජෙනාරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත එහි අකුරක්වත් වෙනස්...
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර ව...
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වන විට භාවිතා කරන හයිෆ්ලෝ Hiflow මැෂින් ගෙන්වීමට මේ වන විට ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්...
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිටින අයට මේ අවදානම් දීමනාව ලබ දී රට වහාම සම්පූර්ණයෙන්ම සති කිහිපයනට ලොක්ඩවුන් කරලා මහජන ජීවිත ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ...
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 13 ක් අද (12) උදැසන 7.30 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්...

Print   Email