fbpx

වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

අනුරාධපුර තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ගම්මානයේ නිවසක් පිටුපසට පැමිණි වන අලියකු සිදු කළ පහරදීමකින් එම ගෙහිමියා ජීවීතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනය, වෙල්ලමුදාව පදිංචි නිමල් රත්නායක නම් 62 හැවිරිදි තිදරු පියෙකු වන ගොවි මහතෙකි.

අද (22) අලුයම 3.30 ට පමණ ගෙවත්තට පැමිණි වන අලියකු මෙලෙස නිවසේ පිටු පස දොර අසලදීම මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, වන අලියා සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

බල්ලා බුරන සද්දෙට ගෙයින් එළියට ඇවිත් බලන කොට ගේ ගාවම අලියා හිටියා, ටෝච් එක ගහලා බලන කොටම අලියා ගැහුවා, අපි දුවගෙන එන කොට අලියා ආයෙත් හැරිලා අපිට ගහන්න ආවා යැයි ජීවිතක්ෂයට පත් නිමල් රත්නායක මහතාගේ බිරිඳ පැවසුවාය.

තම ගම්මානයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන බවත්, ගම හැම තැනම හරක් වගේ ඇවිදිනවා, අපිට වවන්න කිව්වට අපි කොහොම වවන්නද, අපේ ජීවිත නැති වෙන එක විතරයි.අලි දැන් තුන් හාරසියක්ම අපේ ගම වටේම ඉන්නවා.අලි නිසා මේ රට වගේම ගොවියා විනාශ වෙනවා.අපිට අලි නිසා ගොවිතැන් අතෑරලා ඉන්නේ යැයිද ගම්වාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

තිසර සමල් - අනුරාධපුර

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook