පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි

එළඹෙන සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 21 සහ 22 යන දින දෙකේදී පමණක් පැවැත්වීමට නියමිතයි. අද (17) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙය තීරණය කර තිබේ.

දැනට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය 2021.10.01 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති නිසාත්, කෝවිඩ් වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් සලකා බැලීම අත්‍යවශ්‍ය නිසාත්, පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට පමණක් සීමා කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව 21 හා 22 වන දා, නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, 22 වන දා පාරිභෝගික කටයුතු අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම  ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු , නිමල් සිරිපාලද සිල්වා, අලි සබ්‍රි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන්, අනුර දිසානායක, එම්. ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන් යනාදී මැති ඇමතිවරු සහ පක්ෂ නායකයෝ රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

Pin It

සබැඳි පුවත්

මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි
මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (22) සිදුවිය. ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය. දෙරට අතර ...
මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා
මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා කොවිඩ් වසංගත තත්ත්වය මත පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මාස තුනක පමණ කාලක් මගී දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටවු බවත්,නැවතත් එම සේවාවන් ,බස්නාහිර පළාතතුල ඔක්ත...
ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ
ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස ඊයේ (21) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ ප...
මඩ නැති වැඩ කරලා පෙන්වන්න - පාඨලි ආණ්ඩුවට අභියෝග කරයි
මඩ නැති වැඩ කරලා පෙන්වන්න - පාඨලි ආණ්ඩුවට අභියෝග කරයි තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා අද (22) පාර...
2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි
2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර...
ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි. ...

Print   Email