ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස ඊයේ (21) පැවැත්විණි.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් යුත් දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා 2009 වර්ෂයේ දී දෙරටම අත්සන් තැබූහ.

දෙරට අතර පවත්නා සබඳතා නව සහයෝගිතා සහිත අංශ ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවේ දී දෙරටෙහි අන්‍යෝන්‍ය වාසි සඳහා වෙළෙඳාම, ආයෝජනය, මිනිස් බලය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව යනාදී අංශ ඇතුළු අංශ කිහිපයක් හඳුනා ගන්නා ලදී. තවද, හඳුනාගත් අංශවල පවතින මෙවැනි සහයෝගීතා විධිමත් කිරීම සඳහා නව ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට මෙන්ම අත්සන් කළ ගිවිසුම් නැවත සලකා බැලීමට ද මෙම හමුවේ දී යෝජනා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දුන් අතර, බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ උප ලේකම් (දේශපාලන කටයුතු) ආචාර්ය ෂෙයික් අබ්දුල්ලා බින් අහමඩ් අලි කලීෆා සහභාගි විය‍.

 

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර දෙවන දේශපාලන උපදේශන සැසිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට නියමිත ය.

 

Pin It

සබැඳි පුවත්

ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න
ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩ...
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමස්ථ ලෝකයේ ස්වේච්ඡා සේවය හා එයට සිදුකළ හැකි සාධනීය සමාජ බලපෑම වෙනුවෙන් පිරිනැමෙන UNV 50 AWARDS සම්මානය රාජ්‍ය අංශය වෙනුවෙන් ග්‍...
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස්
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස් වාලච්චේන ධීවර වරායෙන් රැකියාවට ගිය ධිවරයන් සිවුදෙනකු අනතුරට පත් වී සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් බේරාගෙන තිබේ. ඔවුන් පසුගිය සැප්තැම්බර් 26 දින මෙම අන...
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන...
ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර රට යම්කිසි ආකාරයකින් ආපස්සට ගිය අවධියක නැවුම් යුගයක් බිහිකිරීම සදහාත් දේශීය ආර්ථික නගා සිටුවීම සදහාත් රටේ ජනතාව ගෝඨභාය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් ...
බිම්ස්ටෙක් මහ ලේකම්, ජනපති හමුවෙයි
බිම්ස්ටෙක් මහ ලේකම්, ජනපති හමුවෙයි බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ...

Print   Email