fbpx

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට විදෙස් තානාපතිවරුන්ගෙන් ජනපතිට සහතිකයක්

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔවුහු මේ බව සඳහන් කළහ.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළහ.

රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook