එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.

Pin It

සබැඳි පුවත්

මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි
මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (22) සිදුවිය. ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය. දෙරට අතර ...
මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා
මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා කොවිඩ් වසංගත තත්ත්වය මත පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මාස තුනක පමණ කාලක් මගී දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටවු බවත්,නැවතත් එම සේවාවන් ,බස්නාහිර පළාතතුල ඔක්ත...
ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ
ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස ඊයේ (21) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ ප...
මඩ නැති වැඩ කරලා පෙන්වන්න - පාඨලි ආණ්ඩුවට අභියෝග කරයි
මඩ නැති වැඩ කරලා පෙන්වන්න - පාඨලි ආණ්ඩුවට අභියෝග කරයි තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා අද (22) පාර...
2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි
2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර...
ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි. ...

Print   Email