සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කරන්න - මන්ත්‍රීනි රෝහිණී කියයි

බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනැයි මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර ඇත " ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

Pin It

සබැඳි පුවත්

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්
අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක් කොරෝනා ආසාදිතයින් 873 ක් අද දින වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,526 ක...
දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ
දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රත...
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක් රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍ය...
සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක්
සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ දින 04 ක පමණ කාලයක සිට අදාළ ආසාදිතයින් හදුනාගැනීම් සිද...
අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්
අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක් නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසය...
වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි
වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා ඊයේ ...

Print   Email