fbpx

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කරන්න - මන්ත්‍රීනි රෝහිණී කියයි

දේශීය

බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනැයි මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර ඇත " ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

සබැඳි පුවත්

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න - ජනපති ත්‍රිකුණාමලයේදී කියයි
ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න - ජනපති ත්‍රිකුණාමලයේදී කියයි දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන ...
යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි
යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව යහ පාලන ආණ්ඩුව පත් කල එකක් බවත් එහි වගකීම අප භාර ගන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් ...
කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් - නගරාධිපතිනිය පවසයි
කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් - නගරාධිපතිනිය පවසයි සියලුම ජේෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා වෛරසය හේතුවෙන් ලබාදෙන Oxford-AstraZeneca එන්නත පෙබරවාරි 27 වන සෙනසුරාදා දින සිට දින 14 ක් ඇතුළත සියලු ජේෂ්ඨ පුරවැසියන් සඳහා ...
පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක්
පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක් මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්...
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇති බව ජනාධ...
මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ - අධිකරණ ඇමැති
මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ - අධිකරණ ඇමැති තම අධිකරණ අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිසේත්ම විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. අද (25) කොළඹ පැවැති මාධ්‍ය හම...
Print