ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කථානායකවරයා ‍ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.

කොවිඩ් අභියෝගය, මැතිවරණ ක්‍රමවේදයන්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය, ආර්ථික අභියෝගයන්, ආගමික අන්තවාදය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී කරුණු ගණනාවක් පිළිබද දෙරටෙහි අත්දැකීම් හුවමාරුකර ගැනීම මෙහිදී සිදුවිය.

ඉදිරියේදී ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ කථානායකවරයා ඒ හරහා දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය. එසේම නවසීලන්ත පාර්ලිසම්න්තුවේ නියෝජිතයන් පිරිසකටද රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා මෙරටට පැමිණෙන ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආරාධනයක් ද කළේය.

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන වනුෂි වෝල්ටර්ස් මහත්මිය ඉටුකරන කාර්යභාරය පිළිබදව සිය ප්‍රසාදය පළ කරන බව බවද කථානායකවරයා මෙහිදී පවසා සිටියේය

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ශ්‍රී ල‍ාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න
ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩ...
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමස්ථ ලෝකයේ ස්වේච්ඡා සේවය හා එයට සිදුකළ හැකි සාධනීය සමාජ බලපෑම වෙනුවෙන් පිරිනැමෙන UNV 50 AWARDS සම්මානය රාජ්‍ය අංශය වෙනුවෙන් ග්‍...
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස්
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස් වාලච්චේන ධීවර වරායෙන් රැකියාවට ගිය ධිවරයන් සිවුදෙනකු අනතුරට පත් වී සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් බේරාගෙන තිබේ. ඔවුන් පසුගිය සැප්තැම්බර් 26 දින මෙම අන...
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන...
ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර රට යම්කිසි ආකාරයකින් ආපස්සට ගිය අවධියක නැවුම් යුගයක් බිහිකිරීම සදහාත් දේශීය ආර්ථික නගා සිටුවීම සදහාත් රටේ ජනතාව ගෝඨභාය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් ...
බිම්ස්ටෙක් මහ ලේකම්, ජනපති හමුවෙයි
බිම්ස්ටෙක් මහ ලේකම්, ජනපති හමුවෙයි බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ...

Print   Email