කොරෝනා රෝගීන් සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් කියයි

කොරෝනා රෝගීන් පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාවක් තිබුණ ද එය සමාජගතවීම වැළැක්වීම සඳහා සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත ඊයේ (30) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු ලෙස ඊයේ රාත්‍රියේ හමුවු බවයි.

එසේම මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකක පුද්ගලයින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් බවට පත් වූ බවත් එම තැනැත්තා එම පවුලක අයෙකුව ආශ්‍රය කර ඇති බව තමයි හෙළිවන ඇති බව හෙතෙම පැවසිය.

කොහොම වුණත් මෙම තත්වය මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කරන අතරම ඒ අයව නිරෝධායනයට ලක් කරන බව ඔහු කියා සිටියේය. එමෙන්ම ඊයේ රාත්‍රියේම 325 කට අධික සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ සඳහා පටල ගැනීම සිදු කර ඇති අතර මේ සියලු දෙනාම නිරෝධායනයට ලක් වන්නන් වේ. ඔවුන් ගෘහස්ත නිරෝධායනයට ලක් කරනු ඇත.

එහිදී අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය " මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා. අපට හෙට දිනය වන විට මෙම සිදුකරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට පුළුවන්. කෙසේ වෙතත් අප කලින් කියූ පරිදි මේ ආකාරයට කලින් පැවති පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තිබෙනවා. නමුත් එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.

 

Pin It

සබැඳි පුවත්

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්.
මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතුය. තවදුරටත් එම දෙපාර්තමේනතුව නිකුත්...
මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි
මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් ...
අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි - ඇමැති චන්ද්‍රසේන කියයි
අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි - ඇමැති චන්ද්‍රසේන කියයි පිට පිට 4 පාරක්ම වැඩිම මනාප තමා විසින් ලබා ගත් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අද (13) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් කියා සිටියේ තමාග...
නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අම...
ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි
ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිවරයාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට ඇපකැපවිය යුතු බව විද...
මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය
මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය ඉදිරියේදී මාධ්‍ය මර්ධනය කිරීමක් සිදු නොකර බවත් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය අතර තරඟකාරිත්වයක් ඇති කරන්න කටයුතු කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කව...

Print   Email