ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කූඨ ව්‍යාපාරිකයන් පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මේ වන විට සහල් පාලනයෙන් තොරව පවතින බවයි.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍ය සතියට සමගාමීව කුරුණෑගල, රිදීගම පසුගිය දා(05) පැවති වැඩසටහන් මාලාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

සෞභාග්‍යා සතිය පසුගියා දා අනුරාධපුර දිස්ත්‍රිකයෙන් ආරම්භ විය. මල් ගම්මාන, කම්හල් ගම්මාන, පළතුරු ගම්මාන ආරම්භ කිරීම, ණය ප්‍රදානයන්, නව බැංකු ශාඛා විවෘත කිරීම් සහ නිවාස ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

රිදීගම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා “ග්‍රාමීය ආර්ථික, ජාතික ආර්ථිකයට එක් කිරීමේ අරමුණෙන් අපි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිෂ්පාදන ගම්මාන 500 ක් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනවා. ඔවුන්ට ණය ලබා දීම, උපදේශනයන් ලබා දීමේ සිට වෙළෙඳපොළ සොයා ගැනීම දක්වා සියලු කටතුයු සඳහා රජය සහය දක්වනවා. ඒ සඳහා අයවැය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. කණාගාටුවෙන් වුණත් කියන්න ඕනෙ ඇතැම් කූඨ වෙළෙඳුන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා අද වන විට රජයක් වශයෙන් අපට සහල් මිල පාලනය කිරීමේ ගැටලු මතුවෙලා තියෙනවා. නමුත් අපි රජයක් විදියට පොරොන්දු වෙනවා ඉදිරි මාස් කන්නයෙන් පසු මේ තත්ත්වය වෙනස් කරල සහල් මිල පාලනය කරමින් ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් සිදු කරන්න කටයුතු කරනවා කියල. මේ මාස 06ක කාලය තුළ අපි ජනතාව ගැන හිතල ගත්ත තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වසරේ අවසානයේ දී ජනතාවට භුක්ති විදින්නට හැකි වේවි. රාජ්‍ය බැංකු මූල්‍ය පද්ධතියම අද වන විට මේ රටේ ජනතාව වෙනුවෙන් කැප වෙලා සිටිනවා. නමුත් අපි දැක්ක පසුගිය කාලේ බැංකු පද්ධතිය අකර්මන්‍ය වෙන්න බලපාපු හේතු. පසුගිය පාලනය විශාල වශයෙන් ණය ලබා ගන්න කටයුතු කළා. ඒත් ඒ ගත්ත ණය ආයෝජනය කළේ මොන ව්‍යාපෘතිවලට ද කියල අදටත් හිතා ගන්න බෑ. නමුත් වගකිව යුතු රජයක් ලෙස ඒ ණයත් අපට ගෙවන්න වෙලා තියෙනවා. ආණ්ඩුව ආනයන සීමා කරලා රටේ නිෂ්පාදනයන් වර්ධනය කරන්න ගත් තීරණය අනුව රටේ යම් යම් තැන්වලදී පාරිභෝගිකයන් අපහසුතාවට පත් වුණා. නමුත් ඒකෙන් ප්‍රයෝජනය ගත්ත නිෂ්පාදකයන් පිරිසක් මේ වන විට රට තුළ ගොඩ නැගිලා තියෙනවා. අපේ අරමුණ වුණෙත් එවැනි පිරිසක් බිහි කිරීම” යැයි සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී. කළුආරච්චි, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුහ.

 

Pin It

සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...

Print   Email