මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා

කොවිඩ් වසංගත තත්ත්වය මත පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මාස තුනක පමණ කාලක් මගී දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටවු බවත්,නැවතත් එම සේවාවන් ,බස්නාහිර පළාතතුල ඔක්තෝම්බර් මස 25 දින සිට නැවත ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය කියා සිටියේ අතිගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී, බස්නාහිර පළාත තුල ඔක්තෝම්බර් 25 වනදා සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට තීරණය වු බවත්,නොවැම්බර් මස පලමුවනදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවයි.

ඔක්තෝම්බර් 25 දින සිට බස්නාහිර පළාතතුල දුම්රිය ධාවන කටයුතු ආරම්භය සිදුවුවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් එම දුම්රිය වල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරිය පැවසීය.ඊට අමතරව දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිකිරීමටද කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

ඒ අනුව දුම්රිය එන්ජින් 70ක්, මැදිරි 500ක්, සහ බලවේග කට්ටල 65ක් පමණ සියලු සේවා කටයුතු නිමකොට ධාවනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම දිවයිනපුරා පිහිටි දුම්රිය මාර්ග පද්ධතිය සහ සංඥා පද්ධතීන්ද දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකසා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසින් සහතික කර ඇති බවද,දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් ,මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව දුම්රිය සේවා පරිහරණය කරනු ලබන මගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගේ ඉල්ලා සිටි.

Pin It

සබැඳි පුවත්

පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වීම ආරම්භ කළා - මැතිවරණ කොමිසමේ සභාපති
පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වීම ආරම්භ කළා - මැතිවරණ කොමිසමේ සභාපති පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව ...
ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් - ආයුර්වේද කොමසාරිස්
ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් - ආයුර්වේද කොමසාරිස් දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා...
ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න
ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩ...
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමස්ථ ලෝකයේ ස්වේච්ඡා සේවය හා එයට සිදුකළ හැකි සාධනීය සමාජ බලපෑම වෙනුවෙන් පිරිනැමෙන UNV 50 AWARDS සම්මානය රාජ්‍ය අංශය වෙනුවෙන් ග්‍...
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස්
අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස් වාලච්චේන ධීවර වරායෙන් රැකියාවට ගිය ධිවරයන් සිවුදෙනකු අනතුරට පත් වී සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් බේරාගෙන තිබේ. ඔවුන් පසුගිය සැප්තැම්බර් 26 දින මෙම අන...
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි
නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන...

Print   Email