ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර ශක්තිමත් සහයෝගිතාවයක් තිබෙන බව අධිකරණ ඇමති පවසයි

ශ්‍රී ලංකාව හා පලස්තීනය දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. Zuhair M.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ නව රජය විසින් අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින සහයෝගිතාවය පිළිබදව සදහන් කළ තානාපතිවරයා සදහන් කළේ එම සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව ලබා දෙන බවයි.

Pin It

සබැඳි පුවත්

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක ...
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේද...
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප...
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ...
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදි කළ සුවි...
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත ද...

Print   Email