fbpx

ඇමැති බන්දුල යටියන්තොට ප්‍රදේශයේ හදිසි සංචාරයක්

යටියන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පෙරවරුවේදී සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී මලල්පොල ග්‍රාමයේ ජනතාව හමු වූ අමාත්‍යවරයාගෙන් එම ප්‍රදේශවාසීන් දැනට වැඩ ආරම්භකර නවතා දමා ඇති යටියන්තොට - පූනාගල, මිනාගල මාර්ගයේ වැඩ නිමකර දෙන මෙන් ඉල්ලා සිටියේය.

කිලෝමීටර් ලක්ෂයේ (100000) වැඩ සටහන යටතේ මෙම මාර්ගයේ කිලෝ මීටර් 23ක් කාපට් කිරීම සඳහා වැඩ ආරම්භ කර ඇති අතර එයින් කි.මී.10ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 250 බැගින් වූ කොන්ත්‍රාත් ප්‍රදානයන් දෙකක්ද සිදුකර ඇත.

නමුත් කි.මී.2ක් සංවර්ධනය කර වැඩ අතරමග නැවතී ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් මුදල් තත්වය ද සලකා බලා ජනතාවට වන හානිය අවම කරමින් මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් අමාත්‍යාංශ ලේකම් රංජිත් පේමසිරි මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම 6.30 - 7.30 පැලම්පිටිය - අවිස්සාවේල්ල බස් කාල සටහන සඳහා බස්රථ දෙකක් ලබාදෙන මෙන් එම ජනතාව ඉල්ලා සිටි අතර ඉදිරියේදී ගෙන්වීමට නියමිත කුඩා බස්රථ වලින් බස් රථ දෙකක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය. එමෙන්ම එම ප්‍රදේශවල පාසල් ළමුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ''සිසුසැරිය" බස් රථයක්ද ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන මෙන් අමාත්‍යාංශ ලේකම්තුමාට උපදෙස් ලබා දෙන ලදි.

ඉන් අනතුරුව වර්ෂාවට කැඩී ගොස් ඇති යටියන්තොට - පැලන්පිටිය, පල්ලේකුඹුර, මාවත්ත ගම් යා කරන පාලම නිරීක්ෂණයට අමාත්‍යවරයා එක් විය.

ඒ වෙනුවට තාවකාලික පාලමක් වී ඔය හරහා ඉදිකර තිබුණද එම පාලමද පසුගිය 29 වැනිදා වර්ෂාව නිසා ගැලවී ගොස් ඇත. නව පාලමක් ඉදිකරන තෙක් ඒ ස‍ඳහා බේලි Bridge එකක් සාදා ජනතාවට එතෙර මෙතෙර යාමේ පහසුකම් සපයා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

පසුව ඕලුඇල්ල හරහා ඉදිව ඇති වසර 100ක් පැරණි ලී පාලම නිරීක්ෂණයට එක් විය. මෙම පාලම වෙනුවට නව පාලමක් සැදීම ආරම්භකර තිබුණද පැති බැමි ඉදිකර වැඩ අතරමග නැවතී ඇත. අලුතින් ටෙන්ඩර් කැඳවා නැවත වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව දහගහ ඔලුව ප්‍රදේශයේ වී ඔය හරහා ඉදිව ඇති කම්බි පාලම නිරීක්ෂණයටද අමත්‍යවරයා එක් විය. මෙම පාලම මීට වසර තුනකට පෙර ගසක් වැටී අනතුරට ලක්ව ඇති අතර කම්බියක් යොදාගෙන ප්‍රදේශයේ ජනතාව මෙන්ම පාසලේ ළමුන් ද අනතුරුදායක ලෙස ඔය හරහා දැනට ගමන් කරයි. සැලසුම් අංශය සමඟ සාකච්ඡා කර කම්බි යොදා මෙම පාලම නැවත ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් මෙහිදී අමාත්‍යවරයා අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සබරගමුව පළාත් අධ්‍යක්ෂක, කෑගල්ල ප්‍රධාන ඉංජිනේරු,රුවන්වැල්ල ප්‍රධාන ඉංජිනේරු, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් එක් විය.

 

Pin It

සබැඳි පුවත්

කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ - ඇමැති මනූෂ
කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ - ඇමැති මනූෂ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් රැකියාවන්හි නියුතු කාන්තාවන් හට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරණ ස...
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික...
ගෑස් සඳහාත් මිල සුත්‍රයක්
ගෑස් සඳහාත් මිල සුත්‍රයක් ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ...
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි...
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත්
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත් විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට...
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook