නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශය පවසයි

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම අරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා දන්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් යම් පුරවැසියෙකු යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යකින් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ එදින පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් හෝ
2020.10.20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

 

Pin It

සබැඳි පුවත්

පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ..... කොරෝනා අවධානමක් ද?
පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ..... කොරෝනා අවධානමක් ද? පාර්ලිමේන්තු ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. අද උදැසන එම සේවකයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ...
නව පොලිස්පති රාජකාරි අරඹයි   
නව පොලිස්පති රාජකාරි අරඹයි   මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ. සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොල...
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණය යළි ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ...
ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට
ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පව...
ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 43 කට කොරෝනා ආසාදනය වෙයි
ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 43 කට කොරෝනා ආසාදනය වෙයි ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 53 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩීවීමට ඇති බවත්ය....
 රියර් අද්මිරාල් සරත් වීරසේකරට කැබිනට් ඇමැතිකමක්
රියර් අද්මිරාල් සරත් වීරසේකරට කැබිනට් ඇමැතිකමක් නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ, රියර් අද්මිරා...

Print   Email