චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජිං පින් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා විය.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරේ. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත.

මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එන්නත් ලක්ෂ 06 භාරදීමට අදාළ ලියකියවිලිවලට චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අත්සන් තැබූහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරක බාලසූරිය යන මහත්වරු ද, චීන විශේෂ දූත පිරිස, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ
කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ මැයි 13 වනදා සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත...
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය
කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව ජෙනාරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත එහි අකුරක්වත් වෙනස්...
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි
කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර ව...
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා
අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල්වලට - ඇමැති පවිත්‍රා කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වන විට භාවිතා කරන හයිෆ්ලෝ Hiflow මැෂින් ගෙන්වීමට මේ වන විට ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්...
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන
සෞඛ්‍ය අංශයේ දිමනා වැඩි කරන්න .. රටම ලොක්ඩවුන් කර ජිවිත ආරක්ෂා කරන්න - වජිර අබේවර්ධන සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිටින අයට මේ අවදානම් දීමනාව ලබ දී රට වහාම සම්පූර්ණයෙන්ම සති කිහිපයනට ලොක්ඩවුන් කරලා මහජන ජීවිත ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ...
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ
ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 13 ක් අද (12) උදැසන 7.30 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්...

Print   Email