විදේශගතවුවන්ට ඡන්ද අයිතිය සම්බන්ධයෙන් අගමැති විසින් තේරීම් කාරක සභාවක් යෝජනා කරයි

විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16) දින අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදිය.

මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන (නීති), මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා අද (28) ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව යයි. ඔහු දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්...
මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ
මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කීරිමේ ජාතික වැඩසටහන, අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා පාලම් ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සං...
බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය
බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය පරිදි හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාත...
කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි
කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. නගරාධිපතිනිය ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් කිය...
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති - අගමැති හමුව අද
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති - අගමැති හමුව අද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය. ඒ අනුව ඔහු අද (28) ජනාධිපති ගෝඨාභ...
මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය
මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන කොවිඩ්-19 වෛරසය පාලනය හා මර්දන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා අවශ්‍ය සෑම සියළු සහයෝගයක් ම ලෝක බැ...

Print   Email