මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්

තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) බොරැල්ලේ පැවති ජන හමුවකදීය.
එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අද වන විට තරුණයන්ගේ අනාගතය නැතිවී ඇති අතර ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කර ඇති බවත් මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩත් කටට දෙකට ගසා ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කළේය "රජයට ආදායමක් නැති නිසා මුදල් මුද්‍රණය කරනවා. පුවත්පත් මුද්‍රණය කරනවා වගේ. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි හත්සිය පනහක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා‍. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා." යනුවෙනි පැවසීය.

 

Pin It

සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...

Print   Email