මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා - ඇමැති විමල් කියයි

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවශ්‍ය ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා යුගය’ක් ඒ යුගය අප නිර්මාණය කරන බව හෙතෙම පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නුවරඑළිය දිසත්‍රික්කයේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකදිය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා " සමහරු මේ ජනවරමේ ආනුභාවය බිඳින්න අසත්‍ය ප්‍රචාර සිදු කරනවා. ප්‍රවෘත්තියක් යනවා, ‘මහනුවර බෝගම්බර සිපිරි ගෙදර පැවති භූමියේ හෝටලයක් ගහන්න මේ ආණ්ඩුව තීරණය කරලා’ කියලා, ඇමතිවරු 14කින් සමන්විත කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් විදියට මම වගකීමෙන් කියනවා, ‘අපේ ආණ්ඩුව බෝගම්බර සිපිරි ගෙදර භූමියේ හෝටල සෑදීම විතරක් නොවෙයි, මහනුවර නගරයේ කරන ඕනෑම දෙයක් ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතියට යටත්ව කරන්නේ. උන්වහන්සේලාගේ අනුමැතිය නැතිව මොනම ව්‍යාපෘතියක්වක් ඓතිහාසික මහනුවර නගරයේ අපි කරන්නේ නැහැ’ කියලා. අපි වාලච්චේන කඩදාසි කම්හලේ යකඩවලට පණ දුන්නා. අද හෙටම පළමුවැනි කඩදාසි ටොන් 50කට ආසන්න නිෂ්පාදන තොගය කොළඹ දී අපි අලෙවි කරනවා. ඒ විතරක් නෙවෙයි, සෙලාන් බැංකුවට සින්න වෙලා තිබුණු ඇඹිලිපිටියේ කඩදාසි කම්හලත් තව මාස හයක් යන්න කලින් අපි පටන් ගන්නවා. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ කඩදාසි තියෙන කොපි පොතක අකුරු ලියන්න අපි අපේ දරුවන්ට පාර කපලා දෙනවා. 


‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයක් අපි පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා යුගය’ක්. ඒ ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා යුගය’ තමයි අපි මේ නිර්මාණය කරන්නේ. තමුන්නාන්සේලා එළවළු ටික මහන්සිවෙලා නිෂ්පාදනය කළත් අතිරික්තය ආවාම වෙළෙඳපොළේ මිල අඩුවෙනවා. ඒ අතිරික්තය මිලට අරන් අතුරු නිෂ්පාදන කරන කර්මාන්ත මේ නුවරඑළියට අවශ්‍යයි. තමුන්නාන්සේලාගේ කෘෂි නිෂ්පාදන ඇසුරේ ගොඩනැගෙන කර්මාන්ත මේ නුවරඑළියට අවශ්‍යයි. මම වගකීමෙන් කියනවා, ‘ඉදිරි අවුරුදු පහ ඇතුළත නුවරඑළිය තමුන්නාන්සේලාගේ කෘෂි නිෂ්පාදනවලට අවශ්‍ය වටිනාකම එකතු කරන කර්මාන්ත මේ ගමට අරන් එනවා’ කියලා.”

Pin It

සබැඳි පුවත්

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්.
මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතුය. තවදුරටත් එම දෙපාර්තමේනතුව නිකුත්...
මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි
මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් ...
අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි - ඇමැති චන්ද්‍රසේන කියයි
අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි - ඇමැති චන්ද්‍රසේන කියයි පිට පිට 4 පාරක්ම වැඩිම මනාප තමා විසින් ලබා ගත් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අද (13) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් කියා සිටියේ තමාග...
නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අම...
ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි
ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිවරයාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට ඇපකැපවිය යුතු බව විද...
මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය
මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය ඉදිරියේදී මාධ්‍ය මර්ධනය කිරීමක් සිදු නොකර බවත් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය අතර තරඟකාරිත්වයක් ඇති කරන්න කටයුතු කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කව...

Print   Email