fbpx

පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කරනවා- අමාත්‍ය රොෂාන්

දේශීය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන ක්‍රීඩා අරමුදල් විධිමත්ව භාවිතා කර ගමේ දක්ෂ දරුවන් ක්‍රීඩා ඉසව් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (22) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය " රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 50 ක් පමණ ද පාසල් යන වසසේ දරුවන් ලක්ෂ 40 කට වැඩියි. ඒ තුළ සැගවුනු දක්ෂතා ඇති දරුවෝ බොහොමයක් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් තමයි ඒ දක්ෂ දරුවන් සොයා ඔවුන්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය මාර්ගය සකස් කර දීම. මේ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ගම තුළ ශක්තිමත් ක්‍රීඩා සමාජ බිහිකර ඒ තුළට තරුණ තරුණියන් යොමු කරවා දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීම සදහා කුසළතා හදුනාගැනීමේ වැඩසටහනක් ‘‘Talent Identification Program’’ එකක් කඩිනමින් පවත්වන්න කටයුතු කරන්න. ඒ තුළින් හදුනාගත් දරුවන් ඉදිරියට ගෙනවිත් දක්ෂතාවෙන් පිරිපුන් අලුත් පරපුරක් අපි අපේ රටට බිහි කළ යුතුයි. ගමේ දරුවෝ ක්‍රීඩාවට යොමු වෙන ප්‍රවනතාවයේ අඩුවක් තිබෙනවා. ගමේ පංසලට දායකයෝ යන්නේ නීති රෙගුලාසි දාලා නෙවෙයි. පාසල් වලට දරුවෝ යන්නේ දෙමාපියන්ගේ කැපවීම මත. දරුවන් ක්‍රීඩාවට යොමු නොවන හේතුව අපි සොයා බැලිය යුතුයි. එතන කුමක් හෝ අඩුවක් තිබෙනවා. එ සදහා අපි පිළියම් යෙදිය යුතුයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

 

සබැඳි පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික...
ගෑස් සඳහාත් මිල සුත්‍රයක්
ගෑස් සඳහාත් මිල සුත්‍රයක් ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ...
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි
ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි...
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත්
නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත් විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට...
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ
චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත ...
චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ
චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තාන...
Print