fbpx

අපි හොරුලු.. බදු වංචාකාරයෝ නිදැල්ලේ - මන්ත්‍රී විමලවිර

රටේ අධි සු‍ඛෝපබෝගි වාහන , නිවාස, සුඛෝපබෝගි ජිවිත ගත කරනු ලබන බදු වංචනික ව්‍යාපාරිකයෝ පිළිබඳව කිසිදු විවේචනයක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “පාර්ලිමේන්තුව තුළත්, සමාජය තුළත් බරපතල ප්‍රශ්න ගණනාවක් මේ දිනවල තිබෙනවා. එකක් තමයි වී ගොවින්ගේ වී මිල පහළ ගිහින් තිබෙනවා. දැන් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ වී කිලෝ 1 ක් රු.90 දක්වා අඩුවෙලා තිබෙනවා. මෙය ඉතාම නරක තත්වයක් ගොවිතැන පැත්තෙන්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි දැඩි අවධානයෙන් ක්‍රියා කරනවා. ආණ්ඩුව සමඟත් මේ දිනවල අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම වැඩිකළ විදුලි බිල සහ ජල ගාස්තු පිළිබඳවත් අපි පක්ෂයක් විදිහට හිතනවා යම් සහනයක් ජනතාවට දිය යුතුයි කියලා. වැඩිවන ජිවන වියදමත් එක්ක මේ වැඩිවීම ජනතාවට මහ බරක් සහ පීඩනයක්. ආණ්ඩුවක් විදිහට සහ රටේ ආර්ථික විදිහට ගත්තාම සහන දීම ඉතා අපහසුයි. නමුත් ජනතාව ජිවත් කළ යුතුයි සහ ඔවුන්ගේ ජනජිවිතය පවත්වාගෙන යාම සඳහා අපි ආණ්ඩුවක් විදිහට අත්වැලක් දිය යුතුයි. මේ දිනවල පැනනගින ජාතික සභාව සඳහා එන පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් සමහරු යමක් ආරම්භ කරන විට එයට අකුල්හෙලනවා. මෙය ඇත්තටම අනුකලනාත්මක දේශපාලන සංස්කෘතියක් සඳහා වැදගත් යෝජනාවක්. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරපු දෙයක් නොවේ. මේ රටේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ ආගමික කණ්ඩායම් යෝජනා කරපු දෙයක්. මේ අර්බුදය වගකීමක් අරගෙන සාමුහිකමය ප්‍රශ්න විසඳන්න එකගවෙන කට්ටියට මෙතන ඉඩ තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීමට එන්න කියලා ආරාධනා කරපුවාම එයට හේතු කියමින් මඟ අරමින් විවේචනය විතරක් ඉතුරු කරනවා. හැබැයි මේ ජාතිය මුහුණ දී තිබෙන මේ අඳුරු මොහොතේදි ඒ ප්‍රශ්න විසඳන්න බෑ විවේචනයෙන්. ඒ නිසා ප්‍රායෝගිකවම මේ ප්‍රශ්න විසඳන්න සාමුහික එකඟත්වයක් සඳහා අවශ්‍යම ආයතනයක් විදිහට තමයි ජාතික සභාව යෝජනා කළේ. නමුත් මේ සඳහා ඇතුලත් නොවි විවේචනය කරමින් සිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ බඳු වංචාවක් එළි කරලා තිබෙනවා. ඉතාම බරපතල කාරණාවක්. හැමෝම ඇගිල්ල දික් කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින අය හොරු හොරු කියලා. හැබැයි මේ රටේ කෝටි දහස් ගණනාවක් බදු වංචා කර, මේ රටේ ජන ජිවිතයට තීරණාත්මක බලපෑමක් කරපු මේ ආර්ථික අර්බුදයට සම්මාදන් වෙන මේ ක්‍රියාවලිය පිළිබඳව මේ මොහොත වන විට එළිදරව් කරගෙන තිබෙනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවත්, ආණ්ඩුවත්, රටත් අවධානය යොමු කළ යුතුයි. හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ කිව්වට, යන්න වාහනයක් නොමැති, ඉන්න ගෙයක් නොමැති පිරිසට හොරු කිව්වට මේ රටේ අධි සු‍ඛෝපබෝගි වාහන , නිවාස, අධි සුඛෝපබෝගි ජිවිත ගත කරන බදු වංචා කරන ව්‍යාපාරිකයෝ පිළිබඳව කිසිම විවේචනයක් සිදු වෙන්නේ නෑ. මේ කාරණා පිළිබඳව කවුරුත් අවධානයක් නොමැතිව මේ රටේ අහිංසකයෝ රැලකට හොරු හොරු කියනවා. ඒ නිසා අවසානයේදී හොරු හොරු ගැන කතා කෙරුවා මිසක් රට ගොඩනඟන විදිහක් කතා කළේ නෑ. " යැයි මන්ත්‍රී විමලවීර මහතා පැවසුවා.

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook