කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ (26) ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ මූලිකත්වයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයෝ සහභාගී වෙති.

2030 වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල ඇති බලපෑම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කෙරේ. තරුණ පිරිස්, ගොවීහු, ආදි වාසීහු, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ, පර්යේෂකයෝ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ නව ප්‍රවේශයක් සහිතව සමුළුවට එක්ව සිටිති.

ආහාර සඳහා ඇති අයිතිය, මූලික මිනිස් අයිතියකි. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයන් තනිව ක්‍රියා කළ ද ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වසර දහස් ගණනක් පුරා දිවෙන, පුරාණ දියුණු වාරි ශිෂ්ටාචාරයක් සමග ගැඹුරින් බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුය. එබැවින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය මෙරටට අලුත් දෙයක් නොවේ. නව විද්‍යාත්මක දියුණුව හා කළමනාකරණ ක්‍රමවේදයන් සමග මෙරටට හිමි ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනයට උත්සාහ ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටී.

ආහාර පද්ධතිය පරිවර්තනය කිරීම, මානව වර්ගයාගේ සහ පෘථිවියේ පැවැත්ම සඳහා රජයන් කළ යුතු අනුවර්තනවල අත්‍යාවශ්‍ය අංගයකි. ගැඹුරින් අන්තර් සම්බන්ධිත වූ එක් ලෝකයක් අප සැවෝම බෙදා හදා ගනිමින් පවතින බව කොවිඩි - 19 වසංගතය මගින් අවබෝධ කර දී තිබේ.

මානව වර්ගයා සාමාජයීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් විවිධ වුවත් මුහුණ දෙන අභියෝග සියල්ලම විශ්වීයය. මෙම අභියෝගයන්ට තනිව මුහුණ දිය නොහැකි බවත්, ඒවා ජය ගැනීමට නම් සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා සමුළුව අමතමින් පෙන්වා දුන්නේය.

Pin It

සබැඳි පුවත්

කොවිඩ් මර්දන එන්නත් දෙකම දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කෙරේ - සභාපති මහාචාර්ය සම්පත්
කොවිඩ් මර්දන එන්නත් දෙකම දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කෙරේ - සභාපති මහාචාර්ය සම්පත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් ක...
මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින්...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්...
අබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් - ජනමාධ්‍ය අමාත්‍යාංශය
අබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් - ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන් අතර මෙන්ම බාහිර සමාජය සමඟ සම්බන්ධීකරණය පිණිස කේන්ද්‍රස...
පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි
පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි එළඹෙන සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 21 සහ 22 යන දින දෙකේදී පමණක් පැවැත්වීමට නියමිතයි. අද (17) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ, පාර්ලිමේන්තු කටයුතු පි...
වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් - ඇමැති සරත්
වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් - ඇමැති සරත් වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරස...

Print   Email