දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා අරලිය ගහ මන්දිරයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කළමනාකරුවන් හා සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

2021 අයවැය යෝජනා අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි සමෘද්ධි පවුල් වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25000ක් ඉලක්ක කරගත් ගෘහස්ථ වෙළඳසැල් ජාලයක් පිහිටුවීම, සමෘද්ධී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථකයක් හා එම ගම්මාන බලසම්පන්න කිරීම, ගම සමඟ පිලිසඳරක් වැඩසටහනට සමගාමීව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ සුන්දර ගමක් වැඩසටහන මඟින් 7% වාර්ෂක පොළියට ණය පහසුකම් සැපයීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ව්‍යවසාය සංවර්ධනය මඟින් විරැකියාව අඩු කිරීම මෙම වැඩසටහන් වල අරමුණ වේ.

මෙහිදී සමාජ සංවර්ධන අංශය විසින් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විවිධ සමාජයීය හේතු නිසා ජීවත්වීමට සුදුසු නිවසක් නොමැති ප්‍රජාවගේ නිවසක අයිතිය සහතික කරමින් ඔවුන්ගේ සමාජයීය ජීවිතය සුරක්ෂිත කිරීම, කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන විවිධ මානසික ගැටලු අවම කරගැනීම සඳහා අවශ්‍ය උපදේශන දායකත්වය ලබාදීම, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය හා ‍වෙනත් සමාජයීය හේතු නිසා පවුල් ඒකකයන්ගේ බිඳවැටී ඇති අභ්‍යන්තර සහජීවනය ගොඩනැගීම ඒ අතර වේ.

සමාජ සංවර්ධන අංශයට මෙම වර්ෂය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 90ක් වෙන් කර ඇත. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩසටහන් සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන අතර ජාතික ළාමා රක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි සම්බන්ධ වන සහාය ආයතන වේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් සහභාගී වූහ.

Pin It

සබැඳි පුවත්

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල
රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල තමා මේ මාසේ අවසනයේ සිටි සෑම මැතිවරණ කොට්ඨාශයකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින ස...
පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි
පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ඒ සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාද වී...
ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කූඨ...
රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි
රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි. 68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධි...
මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්
මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල් තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ...
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ...

Print   Email