ශ්‍රී ලන්කන් එයාර් ලයින් කොරෝනා රැල්ල ඇරඹෙයිද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවෙකු හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 

එම ගුවන් නියමුවා පසුගිය 16 වනදා මෙල්බන් නුවර බලා ගුවන් ගත කල ගුවන් යානයේ ගොස් ඇති බවත් පසුව මෙරටට පැමිණි පසු ගුවන් නියමුවා විසින් සාකච්ඡාවකට සහභාගී වි ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අදාල සාකච්ඡාව සඳහා ගුවන් සේවයේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරියා සහ ගුවන් නියමුවන් 40 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

ගුවන් නියමුවා මෙල්බන්වලදී සිදු කල පි.සී.ආර් පරික්ෂයෙන් ඒ බව තහවුරු වී ඇති නමුත් ඒ අවස්ථාවේදී ගුවන් යානය මෙරටට පැමිණෙමින් සිට ඇත. කෙසේ වෙතත් මේ වන විට ගුවන් සේවයේ 40 දනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නෙකු විසින් පවසා සිටියේ මේ වන විට තවත් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා තවදුරටත් මෙය වර්ධනය විය හැකි බවයි. කෙසේ වෙතත් අදාළ නියමුවා වුවද තමා මෙම වෛරසය ආසාදනය වී ඇති බව දැන දැනම අන් අයට එය බෝ වීමට අවස්ථාව උදා කර ඇති බවයි අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් චෝදනා එල්ල කර සිිටියේ.

Pin It

සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන් සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
දියවන්නාවේ ජලය අපවිත්‍රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...

Print   Email