බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි  

Pin It

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබාගත්තා.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 127ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමගින් අතර කුසල් මෙන්ඩිස් පන්දු 119කින් ලකුණු 119ක් ලබාගත්තා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන මාර්තු මස පළමුවනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

දිලිනි සමන්මලි 

Pin It

සබැඳි පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) සමත්විය. මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ...
සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි
සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ...
IPL ක්‍රිකට් තරඟය මාර්තු 29 දින ආරම්භ වෙයි
IPL ක්‍රිකට් තරඟය මාර්තු 29 දින ආරම්භ වෙයි VIVO ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2020 සඳහා වන කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව 2020 මාර්තු 29 වන දින මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණය...
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හෙට (11) දින අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ජාතික ක්‍...
රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා දිවයිනට
රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා දිවයිනට ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ඊයේ (27) රාත්‍රී 9.55 ට EK 648 ගුවන් යානයෙන් ...
ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක්
ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ " ඈන් මේරි ඔන්ඩච්චි " සමත්ව...

Print   Email