2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි

ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ 2021-2024 කාලපරිච්චේදය සදහා නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා වයික්කාල රිවෝරිච් (RIVORICH) හෝටලයේ දී සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමය කරමින් පැවැත්විණි.

අනුබද්ධිත ටයිකොන්ඩෝ දිස්ත‍්‍රික් සංගම් සහ ව්‍යවස්ථාපිත ටයිකොන්ඩෝ සංගම් නියෝජනය කරමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට හිමිකම් ඇති නියෝජිතයන් තිස් දෙදෙනා (32) අතරින් නියෝජිතයන් විසි දෙදෙනෙක් (22) මෙම නිලවරණයට සහභාගි වූහ.

මෙහි දී ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති, උප සභාපති, ප‍්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, සහකාර භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිතරගයෙන් නිලධාරීන් තේරී පත් වූ අතර, ඡන්දය විමසීම අවශ්‍ය වූයේ සහකාර ලේකම් තනතුරට සහ කමිටු සාමාජික තනතුරු වලට පමණි.

ඒ අනුව මෙවර පැවැති නිලවරණයේ දී ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිධූරය සඳහා චමින්ද පුංචිහේවා මහතාත්, උප සභාපති ධූරයන් සඳහා සබරගමුව පලාත් සභාවේ සභාපති ගරු කංචන ජයරත්න මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් සුභසිංහ මහතාත් පත්වූහ. සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ධූරය සඳහා රුවන් සම්පත් අලහකෝන් මහතාත්, භාණ්ඩාගාරික ධූරය හා සහකාර භාණ්ඩාගාරික ධූරය සඳහා පිළිවෙලින් සී.පී ප්‍රනාන්දු සහ එච්.කරුණාරත්න යන මහත්වරුනුත් නිතරඟයෙන් තේරී පත් වූහ.

නිලවරණයට සහභාගි වූ සියලු ම නියෝජිතයන්ගේ ඡන්ද (එනම් ඡන්ද 22ක්) ලබාගනිමින් සහකාර ලේකම් තනතුරට දීපිකා ස්වර්ණමාලි වැහිගල්දෙණිය මෙනවිය තේරී පත්විය. කමිටු සාමාජිකයන් වශයෙන් එම්.එම්. ජයන්ත මහතා හා ආර්.එම්.චානක ඉන්ද්‍රලාල් යන මහත්වරුන් ඡන්ද 22 බැගින් ද,ඩි.පී.රුවන් නිශ්ශංක මහතා ඡන්ද 21ක් ද, මේජර් නාලින්ද රත්නායක මහතා ඡන්ද 20ක් ද, එච්.එස්.පී.ප‍්‍රනාන්දු මහතා ඡන්ද 16ක් ද ලබා ගනිමින් තේරී පත් වූ අතර, කමිටු සාමාජික කාන්තා නියෝජනය සදහා සරණී ගයත‍්‍රි ගොඩමුණේ මෙනවිය ඡන්ද 22 ම ලබා ගනිමින් තේරී පත් විය.

ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ ගණනාවක හිටපු ලේකම්වරයෙකු හැටියටත්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හැටියටත් කටයුතු කළ නීතීඥ එස්. විරිතමුල්ල මහතාගේ සභාපතිත්වයෙන් ද, ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් විශ‍්‍රාමික නාවික හමුදා කමාන්ඩර් එච්.යූ සිල්වා සහ විශ‍්‍රාමික පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක මහතුන්ගේ සමාජිකත්වයෙන් ද වූ නිලවරණ කමිටුවේ මෙහෙයවීමෙන් මෙම නිලවරණය පවත්වන ලදී. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයා වශයෙන් නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ටයිකොන්ඩෝ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී චමින්ද ජයවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගි විය.

 

Pin It

සබැඳි පුවත්

ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි
ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබු විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ. ඒ ශ්‍රී ලංකා සංචාරක නිරතවෙමින් සිටින ඉන්දීය කණ්ඩා...
මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා - නායක කුසල්
මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා - නායක කුසල් එංගලන්ත ක්‍රිකට් පිල හා මෙතෙක් පැවැති තරඟවලින් ජය ගැනීමට නොහැකි විම පිළිබඳ කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. අද (28) මා...
ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට්... මේ වන විට අන්තර්ජාලය පුරා සංරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධ විඩියෝව පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. TT...
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල්
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල් ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය කුසල...
 ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි
ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක...

Print   Email